Gossip

නීතිය අතට ගත් ගම්පොළ සංවිධානයක පිරිසක් සිසුවෙක් පැහැරගෙන ගොස් නිරුවත්කර පහරදෙයි

වයස අවුරුදු 17 පාසල් සිසුවෙකු වෑන් රථයකින් පැහැරගෙන ගොස් පාළු නිවසකදී නිරුවත් කොට අත පය ගැටගසා හිරිහැර කිරීමේ පුවතක් ගම්පොළ ප්‍රදේශයෙන් වාර්තා වුණා.

එම සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට තරුණයන් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ව බදාදා (15) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ගම්පොළ දිසා විනිසුරු හා මහෙස්ත්‍රාත් ශනිත් විජේසේකර මහතා නියම කළා.

විදේශයක සිට යම් පුද්ගලයෙක් ලබාදුන් උපදෙස් මත මෙම ශිෂ්‍යයාව පැහැරගෙන ගොස් ඇත්තේ ඔහුට හිරිහැර කර ආර්ති බව වාර්තා වුණා.

රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත්තේ ගම්පොළ ඉල්ලවතුරු ප්‍රදේශයේ පදිංචි අවුරුදු 25-30 අතර වයසේ පසුවන 6 දෙනෙක්.

වයස අවුරුදු 7ක දරුවෙකුට සිදුවූ බව කියන ලිංගික අතවරයක් සම්බන්ධයෙන් මෙම 17 හැවිරිදි සිසුවාව පැහැරගෙන ගොස් දඬුවමක් ලෙස ඔහුට පහරදී තිබු බව පරික්ෂණ පවත්වන ගම්පොළ පොලීසිය පැවසුවා.

අතවරයට ලක් වු බව කියන කුඩා දරුවාගේ පියා මාලදිවයිනේ රැකියාවක නියුතු අයෙක්.

ඔහු මෙම සිද්ධිය “IYMA” නම් සංගමයක සාමාජිකයින්ට දැනුම් දී ඇති අතර සිසුවා ට හිරිහැර කර ඇත්තේ ඔවුන් බව සඳහන්.

මෙම ළමා ලිංගික හිංසන සිද්ධිය පොලිසියට නොදන්වා එම සංවිධානය වෙත පැවසීම මගින් එහි තරුණයන් 6 දෙනෙකු මෙම පැහැරගැනීම සිදුකර ඇතැයි ඉහළ පොලිස් නිලධාරියෙක් පැවසුවා.

හත් හැවිරිදි දරුවාට සිදුවූ ලිංගික අතවරය පිළිබඳවද පොලිසිය පරික්ෂණ අරඹා තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!