Gossip

නවසීලන්තයේ පුරුද්දට වායු පිස්තෝලයක් ඉනේ ගසාගෙන ගිය පුද්ගලයා පාදුක්කේදී අත්අඩංගුවට

බලපත‍්‍රයක් නොමැති වායු පිස්තෝලයක් සිය ඉනෙහි සඟවාගෙන පාදුක්ක නගරයේ වෙළඳසැල් වෙත ගමන්කළ පුද්ගලයෙක් සැකපිට අත් අඩංගුවටගත් බව පාදුක්ක පොලිසිය පැවසුවා.

සුදු පැහැති මෝටර් රථයකින් පැමිණි හැඩිදැඩි පුද්ගලයකු ඉනෙහි ගිනිඅවියක් ද තබාගෙන පාදුක්ක නගරයේ සැරිසරන බවට පොලිස් හදිසි ඇමතුම් අංකයට තොරතුරක් ලැබී තිබුණා.

ඒ අනුව පාදුක්ක පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිළධාරීන් ගොස් අදාළ පුද්ගලයා පරීක්ෂා කිරීමේදී සැකකරුගේ ඉනෙහි තිබූ වායු පිස්තෝලය හමුවූ බවද පොලිසිය කීවා.

අදාළ සැකකරු නිවසීලන්තයේ සිට මාස දෙකකට පෙරදී මෙරටට පැමිණ ඇති බවත් එම රටේදී මිලදීගත් වායු පිස්තෝලය මෙරටට රැගෙන ආ බව ඔහු පොලිසියට කියා තිබුණා.

වායු පිස්තෝලයක් ළඟ තබාගැනිම නවසීලන්තයේ වරදක් නොවන බැවින් එය රැගෙන පාදුක්ක නගරයේ භාණ්ඩ මිලදීගැනීම සඳහා පැමිණ බවත් කළ ප‍්‍රශ්න කිරීමේදී ඔහු පොලීසියට කියලා .

අත්අඩංගුවට ගත් සැකකරු පාදුක්ක මීපේ ප‍්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර සැකකරුගේ බිරිය නීතිඥවරියක් බව වාර්තා වුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!