Gossip

සහරාන්ට සහය දුන්න පාර්ලිමේන්තු සේවයකයා මෙන්න – රැකියාව ලැබී ඇත්තේ ඉහළ පෙළේ මුස්ලිම් දේශපාලන නායකයෙකු මාර්ගයෙන්?

සහරාන් හෂීම්ගේ ත්‍රස්තවාදී කටයුතු සඳහා සහාය දුන් එම සංවිධානයේ ප්‍රබල ක්‍රියාකාරිකයෙකු බව පැවසෙන පාර්ලිමේන්තුවේ භාෂා පරිවර්ථක අංශයේ සේවය කරන පුද්ගලයෙකු විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් සැකපිට අත්අඩංගුවට ගැනුණු අතර ඔහුව රඳවාගෙන ප්‍රශ්න කිරීමට කුරුණෑගල පොලීසියට අවසර ලබා දී තිබෙනවා.

ඒ අනුව දින 90 ක කාලයක් සැකකරු රඳවාගෙන ප්‍රශ්න කිරීමට ආරක්ෂක අමාත්‍යංශය විසින් අවසර ලබා දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

මෙලෙස අත්අඩංගුවට ගැනුණේ මහනුවර, අලවතුගොඩ ප්‍රංදේශයේ පදිංචි මොහොමඩ් නවුෂාඩ් ජලාල්දීන් (අවු.42) නමැති දෙදරු පියෙක්.

තවුහීද් ජමාත් සංවිධානයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු ලෙස සැකපිට පසුගියදා අත්අඩංගුවට ගත් කුරුණෑගල ශික්ෂණ රෝහලේ විද්‍යුත් ඛන්තුරේඛණ නිලධාරියා ඇතුඵ තවත් සැකකරුවන් තිදෙනෙකුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ තොරතුරු මත සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණා.

සැකකරු 2006 වසරේදී පාර්ලිමේන්තුවේ භාෂා පරිවර්තන අංශයේ සෝදුපත් බලන්නෙකු ලෙස සේවයට බැඳී ඇති අතර,ඊට පෙර ඔහු වෙනත් රැකියාවකද නිරත වී ඇති බවත්, පාර්ලිමේන්තුවේ මෙවැනි වගකිවයුතු තනතුරක් සඳහා තරඟ විභාගයක් තුළින් තේරීපත් වීම පිළිගත් ක්‍රමවේදය වුවද සැකකරුට එම ක්‍රමවේදයෙන් බැහැරව ඉහළ පෙළේ මුස්ලිම් දේශපාලන නායකයෙකු හරහා මෙම රැකියාව ලැබී ඇති බවත් විමර්ශනවලදී අනාවරණය වී ඇති බවට වාර්තා වනවා.

එමෙන්ම සැකකරු මෙම තනතුරේ සිටියදී පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු මුස්ලිම් දේශපාලනඥයන් සමග සමීපව ඇසුරු කර ඇති බවද හෙළි වී තිබෙනවා.

මේ දිනවල රට තුළ පවතින හදිසි තත්ත්වය හේතුවෙන් ජනතාවගේ ආරක්ෂාව සඳහා යොදවා තිබෙන අකුරණ නගරයේ ඇති පොලිස් මාර්ග බාධකයද ඉවත් කිරීමට සැකකරු මුස්ලිම් දේශපාලනඥයන් කිහිප දෙනෙකු සමග සාකච්ඡා පවත්වා ඇතැයි අදාළ විමර්ශනවලදී අනාවරණය කරගෙන තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!