Gossip News

සහරාන්ගේ දියණියට මොකද වුණේ..විස්තරය මෙන්න

පාස්කු ඉරුදා ප්‍රහාරයේ නායකයා වන මොහොමඩ් සහරාන් හෂීම්ගේ දියණිය ඔහුගේ බිරිඳගේ මව්පියන්ට භාරදීමට කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කර තිබෙන බවට වාර්තා වෙනවා.

කටුපොත ප්‍රදේශයේ පිහිටි සහරාන්ගේ බිරිඳගේ මව්පියන්ට දැරිය බාර දෙන ලෙසත්, අධිකරණයේ අවසරයකින් තොරව ඔවුන්ගේ භාරයෙන් ඉවත්කොට වෙනත් කිසිදු පාර්ශවයකට එම දැරියව භාරදිමක් සිදුනොකරන ලෙසත් එහිදී නියෝග තිබෙන අතර සිව් හැවිරිදි එම දැරිය සම්බන්ධයෙන් නිසි අධීක්ෂණයකින් පසුවන ලෙසද කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් කුලියාපිටිය පරිවාස නිලධාරීවරයාට නියෝග කර තිබෙනවා.

සහරාන්ගේ බිරිඳ ද මේ වන විට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටීම නිසා අදාළ දැරිය පරිවාස භාරයට හෝ සුදුසු භාරකාරත්වයක් යටතට පත්කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් කළ ඉල්ලීමක් සලකා බැලු කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා විසින් අදාළ නියෝගය ලබා දී ඇති බව තවදුරටත් සදහන් වෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!