Gossip News

ජනාධිපතිවරණය මේ මාසයේ – මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය

2019 ජනාධිපතිවරණය කැඳවීම මෙම සැප්තැම්බර් 15දාට පසුව සිදුකරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසා තිබෙනවා.

තිබෙන නීතිමය ප්‍රතිපාදන අනුව ඒ සඳහා තමන්ට බලය ලැබෙන්නේ සැප්තැම්බර් 15න් පසුව බවද ඔහු අවධාරණය කළා.

15 වෙනිදායින් පසුව දින 44ත් දින 65ත් අතර කාලය තුළ ජනාධිපතිවරණය පැවැත්වන බව ඔහු වැඩිදුරටත් පවසා තිබෙනවා.

මැතිවරණය කැඳවීමට පෙර මැතිවරණ කොමිසමේ බලධරයන් මෙරට සියලු ප්‍රදේශවලට ගොස් ප්‍රජා මූල සංවිධාන දැනුවත් කොට මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීම සඳහා පූර්ව සැලසුමක් සකස් කරන බවද දේශප්‍රිය මහතා වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!