Gossip

“සයුරක් නොදුටු ගඟුලක්, කිසිදා ගලන්නේ නෑ, වෙරළක් අහිමි සයුරක්, කිසිඳා හඬන්නේ නෑ” – මුලා වූ ආදර අන්දරය

සුනිල් එදිරිසිංහයන්ගේ සයුරක් නොදු‍ටු ගඟුලක් ගීතය ඔබ කවුරුත් අහලා ඇති.
ඒත් එහි තේරුම ගැන ඔබ දන්නවද..?
දෙදරා ගිය ප්‍රේම කතාවක් මෙහි සැඟවී තිබෙනවා.

සයුරක් නොදු‍ටු ගඟුලක්
කිසිදා ගලන්නේ නෑ
වෙරළක් අහිමි සයුරක්
කිසිදා හඬන්නේ නෑ

සත්තකින්ම ගඟුල සැම විටම සොයා යනුයේ මහා සාගරයයි.
සාගරය නොවන්නට ගංගාව කොතැනක නතර වේද?
ඇතැම් විට එසේ වී නම් ගඟුල නොගලා තිබෙන්නට හැක.
එසේම සයුර සැම විටම උත්සාහ කරන්නේ වෙරළ කරා පැමිණීමටය.
නමුදු වෙරළක් නොතිබෙන්නට සයුර මෙසේ හඬයිද?
නමුදු ගීත රචකයා තවම කතාවේ හරයට පැමිණ නොමැත.
එහෙත් රූකාන්ත ගුණතිලකගේ ගීතය ගත් කල එය මෙසේය.

කඳුලක් නොසැලු නෙතකින්
හස‍රැල් සොයන්නෙපා
ලැබුනත් බිඳුනු හදකින්
සෙනෙහස සොයන්නෙපා..

සත්තකින්ම සිනාසීමට හැක්කේ හැඟීම් ඇත්තවුන්ටය.
කඳුළක් හෙළනුයේ දුක නම් වූ හැඟීම ඇති වූ විටකය. එනම් සිතට හැඟීමක් දැනී ඇත.
එසේම සතුටක් ඇති වන්නේද හැඟීම් පිළිබඳ අවබෝධයක් ඇත්තවුන්ටය.
ඔහු කියන්නේ බලාපොරොත්තු නොවිය හැකි දේවල් බලාපොරොත්තු නොවිය හැකි අයගෙන් නොපැතිය යුතු බවය.
එසේම කවදාවත් පෙමක් බිඳී ගිය කල නැවත එහි සෙනෙහස සෙවීමෙන් ඵලක් නැත. මෙයම රූකාන්ත ගුණතිලක ඉදිරිපත් කරන්නේ මෙසේය.

සිසිලක් නොමැති අහසින්
වැසි දිය යදින්නෙපා
ලැබුනත් බිඳුනු හදකින්
සෙනෙහස සොයන්නෙපා

පෙර කී ලෙසම ඔහු කියන්නේ බලාපොරොත්තු නොවිය හැකි දේවල් බලාපොරොත්තු නොවිය හැකි අයගෙන් නොපැතිය යුතු බවය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!