Gossip

“මට එයාව ගොඩක් වටිනවා – ඒක නිසා කරණාකරලා ජීවිත සෙල්ලම් බඩු කර ගන්න එපා” – පෙම්වතිය නිසා සඳුන් පෙරේරා අලුත් පටලැවිල්ලක

ජනප්‍රිය ගායක සඳුන් පෙරේරා ගැන මේ දිනවල සමාජජාල මාධ්‍යයන්වල අලුත් කතාබහක් ඇතිවෙලා තියෙනවා.

විශ්ව විද්‍යාලයට ඇතුලත්වීම සඳහා ලැබෙන ලිපිය ප්‍රමාද වීම නිසා ඔහුගේ පෙම්වතිය ඒ බව විමසා විශ්ව විද්‍යාල සිසුන් විසින් පවත්වාගෙන යනු ලැබූ අදාළ විශ්ව විද්‍යාලයේ ෆේස්බුක් පිටුවකට කෙටි පණිවිඩයක් යොමු කර ඒ පිළිබඳ විමසා තිබෙනවා.

මෙහිදී ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යාම හේතුවෙන් ඒ සදහා ගායක සදුන් පෙරේරාද මැදිහත් වී අදාළ ෆේස්බුක් පිටුව වෙත කෙටි පණිවිඩ කිහිපයක්ම එවා තිබෙනවා.

එහිදී ඔහු සඳහන් කර ඇත්තේ මෙවන් දෙයකි..

“මල්ලි මගේ පුද්ගලික ජීවිතේ සම්බන්ධ කර ගන් නැත්නම් ගොඩක් කැමති. මොකද එයා කෙල්ලෙක් ඔයාට ඒවා ගානක් නැති වෙන්න පුළුවන්.ඒත් මට එයාව ගොඩක් වටිනවා. ඒක නිසා කරණාකරලා ජීවිත සෙල්ලම් බඩු කර ගන්න එපා. කැම්පස් එකේ පේජ් එකට මැසේජ් දාලා තියෙන්නේ එයා. මොකද එයාගේ ලෙටර් එක තාම ඇවිත් නැති නිසා. ඒක නිසා තමයි ඔයාලගේ පේජ් එකට මැසේජ් දාලා තියෙන්නේ. කැම්පස් එකේ පේජ් එකක් හැටියට මීට වඩා දැක්මකින් වැදගත් කමක් තියන්න ඕනිනේ මල්ලි. මගේ කෙල්ලගේ ජීවිතේ එක්කයි ඔයා මේ සෙල්ලම් කරන්න හැදුවේ කියලා මතක තියා ගන්න..”

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් විමසීමේදී වාර්තා වුණේ අදාළ ෆේස්බුක් පිටුව විශ්වවිද්‍යාලවල ඉගෙනුම ලබන සිසුන් විසින් විනෝදය උදෙසා පවත්වාගෙන යනු ලබන එකක්වන බවත් එය විශ්වවිද්‍යාල පද්ධතියට නිල වශයෙන් වගකීමක් නොමැති ෆෙස්බුක් පිටුවක්වන බවත්ය.

අදාළ ඡායාරූප පහතින්…

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!