Gossip

“අක්කගේ වෙඩින් එක දවසේ අංකය ඉල්ලගෙන, පස්සේ හදවත ඉල්ලාගත්තා” – දුලාජ්, පෙම්වතියගේ හිත ගත්ත හැටි හෙළිකරයි

දෙරණ ඩ්‍රීම් ස්ටාර් තරගය ඔස්සේ රසිකයන් අතරට පැමිණි දුලාජ් ධනුෂ්ක පසුගියදා යුගදිවියට පාතැබුවා.
මේ දුලාජ් අතගත්තු සහකාරිය සමඟ පෙමින් බැඳුනු හැටි ගැන සතිඅන්ත පුවත්පතක පලවී තිබූ අයුරුයි.

සුබ මංගලම් දුලාජ්. එදා භාගෙට හෙළි කරපු ආදර කතාවේ ඉතුරු ටික දැන් කියන්න වෙලාව ඇවිත්
සුබ පැතුවාට ගොඩාක් ස්තූතියි. බොහෝ අය තමන්ගේ ආදර කතා මාධ්‍යයෙන් වසන් කළාට මම මගේ ආදරය ගැන කලිිනුත් කියලනේ තිබුණේ. මගේ ආදරවන්තිය ඉරේෂා එක්ක මම පහුගිය හතර වැනිදා විවාහ වුණා.

හය වැනිදා තමයි අපේ දෙවැනි ගමනේ උත්සවය පැවැත්වුණේ. දෙන්නම කතෝලික නිසා කතෝලික චාරිත්‍ර අනුවයි විවාහය සිදු කළේ. කලා ලෝකේ හිතවතුන්ට ආරාධනා කළේ දෙවැනි ගමනෙ උත්සවයටයි.

ඉරේෂාගේ පදිංචිය ඉතාලියේ හින්දා දැන් විවාහයෙන් පසුව දුලාජ්ටත් ඇය සමග ඉතාලියට යන්න වේවිද?
ඉරේෂා එක්ක මමත් යනවා. හැබැයි ඉතාලියේ වගේම ලංකාවෙත් ඉන්න අපි බලා‍පොරොත්තු වෙනවා.

අපි නිතර දුලාජ් එක්ක මාධ්‍යය ඔස්සේ කතා බහ කරනවා. ඉතින් අපි කැමතියි ඉරේෂාටත් ටිකක් කතා කරන්න? අපි එහෙම කිව්වම ඉරේෂා සුහදව හිනාවෙලා මේ විදියට කතා බහට එකතු වුණා.

ඉරේෂා කලාවට ලැඳියාවක් දස්කමක් දක්වන කෙනෙක්ද?
නැහැ. මට කිසිම කලා හැකියාවක් නැහැ. මම දැනට ගණකාධිකරණ අංශයෙන් අධ්‍යාපනය හදාරනවා. හැබැයි මම කලාවට ගොඩාක් ආශයි.

ඒකද කලා කාරයෙක්ව සහකාරයා විදියට තෝරා ගත්තේ?
(හිනැහි) අපේ ආදර සම්බන්ධය ගොඩනැගෙන්න දුලාජ් ගායකයකු විම නම් බලපෑවේ නැහැ. මුලදී අපි ආශ්‍රය කළේ යාළුවෝ වගේ. ඒ කා‍ලේ මට තේරුණා දුලාජ් හොඳ කෙනෙක් බව. ඒ හින්දයි කැමති වුණේ.

දෙදෙනාගේ හමුවීම හා ආදර කතාව ගොඩ නැගුණු හැටි දැන ගන්න රසිකයන් කැමති වේවි.. ඒ ගැන කියමුද.?
මමයි ඉරේෂයි දෙන්නම වෙන්නප්පුවේ වුණාට අපි මුණගැහිලා තිබුණේ නැහැ.
මෙයාගේ මුළු පවුලම පදිංචි ඉතාලියේ. ඉරේෂාගේ අක්කගේ මංගල උත්සවයේ ගී ගයන්න මට ආරාධනා කළා. ඒ පෞද්ගලික හිතවත්කමකට නෙවෙයි. ගායකයෙක් විදියටයි. මම එදා ගී ගයන්න ගියාට පස්සේ තමයි අපි හමුවුණේ. ඒ දැන හැඳුනුම්කම මත දුරකථන අංක හුවමාරු කරගෙන පස්සේ අපි දිගටම කතා කළා.
දිගින් දිගටම කතා බහ කරද්දී යාළුකම ආදරේකට පෙරළුණා. වෙඩින් එක දවසේ දුරකථන අංකය ඉල්ලාගෙන පස්සේ හදවතත් ඉල්ලා ගත්තා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!