Gossip

සම්මාන රැසකින් පිදුම් ලබා පොලිසියේ නම ඉහළට එසවූ ඇයට එල්ලවූ චෝදනාවකට අධිකරණයෙන් ලබාදුන් තීන්දුව – Photos

බාල වයස්කාර දැරියක් රදවා තබාගෙන පීඩාවට පත් කළ තරුණියකට රුපියල් ලක්ෂයක මුදලක් ගෙවන ලෙස ජනාධිපති සම්මාන ලාභී පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්තට අධිකරණය මගින් නියෝග කර තිබෙනවා.
විනිසුරු බුවනෙක අලුවිහාරේගේ ප්‍රධානත්වයෙන් යුත් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක විසින් මෙම දඩය පනවා තිබෙනවා.
මාතර ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කොට්ඨාසයේ ස්ථානාධිපති වරුණි බෝගහවත්ත 2017 වසරේදී පොලිස්පති පූජිත් ජයසුන්දර විසින් සම්මානයටද පාත්‍ර වුණා.
තෙලිජ්ජවිල පාසලක 10 වැනි වසරේ ඉගෙනුම ලබන සිසුවියක් විසින් 2012 වසරේදී කරන ලද පැමිණිල්ලක් විභාග කරමිනුයි මෙම තීන්දුව ලබාදී තිබුණේ.
පැමිණිලිකාරිය නීතිවිරෝධී ලෙස අත්අඩගුවට ගැනීම සහ ඇගේ නිදහස අහිමි කිරීම, මහේස්ත්‍රාත්වරයෙකු හමුවට පොපමුණුවා අයුක්ති සහගත ලෙස රදවා තබා ගැනීම සහ ඇයට අවමන් සහගත ලෙස සැලකීම යන චෝදනා සම්බන්ධයෙන් වගඋත්තරකාර නිලධාරිනිය වගකිවයුතු බවයි විනිසුරු මඩුල්ල තීරණය කළේ.
ජනාධිපති නීතීඥ ක්‍රිෂාන්ත වැලිඅමුණ සහ පුලස්ති හේවාමාන්න පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන්ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වරුණිකා හෙට්ටිගේද සිල්වා වගඋත්තරකාර පාර්ශවය නියෝජනය කරමින්ද පෙනී සිටියහ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!