Gossip

“අවසන් පූර්ව වටයට යන්න තවමත් අවස්ථාව තියෙනවා.” – ඔස්ට්‍රේලියාවට පැරදුණු හේතුව මහේල කියයි

ශ‍්‍රී ලංකා මැද පෙළ පිතිකරුවන් යළිත් අසාර්ථක වූ බැවින් ඔස්ට්‍රේලියාව සමග පැවැති තරගය පරාජය වුවත් තවමත් අවසන් පූර්ව වටයට පිවිසීමට ශ‍්‍රී ලංකාවට අවස්ථාවක් ඇතැයි හිටපු ක‍්‍රිකට් නායක මහේල ජයවර්ධන පවසනවා.
‘අපිට අවශ්‍ය වුණේ හොඳ කඩුලූ සබඳතා දෙකක් පමණයි. එහෙම කළානම් ස්ටාර්ක්ගේ අවසන් පන්දුවාර කිහිපයෙන් පිතිකරුවන්ට බේරෙන්න තිබුණා.
අනෙක් පන්දු යවන්නන්ගෙන් එතරම් ගැටලූවක් වුණේ නැහැ.’ දකුණු අප‍්‍රිකාව සමග පුහුණු තරගයේදීත්, නවසීලන්ත තරගයේදී සහ ඇෆ්ගනිස්තාන තරගයේදී සිදුවු දෙයම ඔස්ට්‍රේලියාව සමග තරගයේදීත් සිදුවුණා. අපේ මැද පෙළ පිතිකරුවන් ඒ සෑම තරගයකම අසාර්ථක වුණා.’
ශ‍්‍රී ලංකා පිල සාර්ථක සබඳතාවක් පවත්වමින් සිටියදී දඟ පන්දු යවන ක‍්‍රීඩක මැක්ස්වෙල්ගේ පන්දුවාරයට පිතිකරුවන් සිර වූ බවත් ඒ අවස්ථාවේදී එසේ සිදු නොවිය යුතු බවත් මහේල සඳහන් කරයි. ‘‘අපේ වමත් පිතිකරුවන් මැක්ස්වෙල්ගේ පන්දු යැවීමට සිර වුණා.
ඔවුන්ට එහෙම නොවෙන්නයි තිබුණේ. ඒ වෙලාවෙ ලකුණු සිර නොවුණානම් ඔස්ට්‍රේලියානුවන්ට විකල්පයක් නැති වෙනවා. මැද පෙළ පිතිකරුවන් තරගය පාලනය නොකරන එක ලොකු ගැටලූවක්.’’ යැයි මහේල ජයවර්ධන වැඩිදුරටත් සඳහන් කර සිටියි.
ශ‍්‍රී ලංකා පිලට හොඳ දඟ පන්දු යවන්නෙක් නොසීටම ගැටලූවක් බවත් ජීවන් මෙන්ඩිස් වැනි ක‍්‍රීඩකයකු එම තරගයට සිටියානම් මීට වඩා හොඳ බවත් මහේල ජයවර්ධන පවසයි.
අවසන් පූර්ව තරගයට බලාපොරොත්තු තබා ගන්නනම් තවත් තරග දෙකක් හෝ ජය ගත යුතු බවත් එහිදී සිටින ප‍්‍රබල කණ්ඩායම්වලට එරෙහිව පිතිකරණයේ යෙදුණහොත් ලකුණු 300 සීමාව ඉක්මවා යා යුතු බවත් නැතහොත් ප‍්‍රතිවාදීන්ව ලකුණු 270 කට සීමා කළ යුතු බවත් මහේල පවසයි.
‘‘ශ‍්‍රී ලංකා පන්දු යවන්නන්ට වේගය නැති වුණත් ඔවුන්ට උපක‍්‍රම තියෙනවා. විශේෂයෙන් දඟ පන්දු යවන්නෙක් කණ්ඩායමට ඇතුළත් කරලා මැද පෙළ කඩුලූ ලබා ගත යුතුයි.
එංගලන්තය සමග මීළඟ තරගයට පෙර එංගලන්තය සහ පාකිස්තානය අතර තරගය අධ්‍යයනය කළ යුතුයි.’’

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!