Gossip

සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් ගණිකා වෘත්තියේ යෙදුණු කාන්තාවන් 07 දෙනා අතර සිටි අයෙක්ට ඒ්ඩ්ස්

සම්භාහන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන මුවාවෙන් ගණිකා සේවයේ යෙදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කාන්තාවන් හත්දෙනා අතර සිටි එහි ප්‍රධාන පාලිකාවට එච්.අයි.වී. (ඒඩ්ස්‌) රෝගය වැළඳී ඇති බවට වෛද්‍ය පරීක්ෂණයේදී අනාවරණය වී තිබෙනවා.

අදාළ ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානය පවත්වාගෙන ගොස් ඇත්තේ දෙහිවල ප්‍රදේශයේයි.

ඉකුත් 06 වනදා දෙහිවල පොලිසියට ලද තොරතුරක් මත අදාළ ගණිකා නිවාසය වටලා තිබුණා.

එහිදී එම ගණිකා නිවාසයේ සිටි කළමණාකරු හා කාන්තාවන් හත්දෙනා අත්අඩංගුවට ගැනුණා.

ඔවුන් සියලු දෙනා ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වෛද්‍ය පරීක්ෂණයකට යොමු කර ඇප මත මුදාහැරීමට නියෝග කර තිබුණා.

කෙසේවෙතත් ඉකුත් 17 වැනිදා නඩුව යළි කැඳවූ අවස්‌ථාවේදී අදාළ වෛද්‍ය පරීක්‌ෂණ වාර්තාවලින් ප්‍රධාන පාලිකාවට එම රෝගය වැළඳී තිබෙන බවට අනාවරණය වූ බව පොලිසිය සඳහන් කළා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!