Gossip

එයා ලැජ්ජා නැති වැඩ කරන්නේ -රෑ 10ට 12ට ෆොන් එකෙන් කතා කරලත් තියෙනවා – රොෂානා හිට් වෙන්න මාව පාවිච්චි කරන එක දුකයි

වාහනයක් නැතිව සිටි රොෂානාට රෙන්ට් එකට වාහනයක් අරන් දුන්න අතුල ඉද්දමල්ගොඩට අධිකරණය හමුවේ පෙනීසිටින්නත් සිදුවුණා.

ඒ ඔහුට විරුද්ධව රෙෂානා පැවැරූ නඩුවක් හේතුවෙනි. මාස 9ක් තමා පරිහරණය කළ සු‍ඛෝපභෝගි මෝටර් රථයේ රෙන්ට් මුදලත් ගෙවා ගැනීම නොහැකිව තවත් ලක්ෂ තුන හමාරක් ණය වුණු රොෂානා ලක්ෂ 10ක් තමා ගෙන් ගත් බව පවසා අතුල ඉද්දමල්ගොඩට නඩු පවරා තිබුණා.

සිදුවු සිද්ධිය පිළිබද අතුල ඉද්දමල්ගොඩට කිව්වේ මෙහෙමයි.

“හැමදේම නමා ගන්න පුළුවන් වුණාට රොෂානාට නීතිය නවාගන්න බැරි වුණා. අධිකරණයට තේරුණා එයා බොරුවක් කරන්නේ කියලා. රොෂානා මේ දවස් වල හිට් නැති නිසා හිට් වෙන්න දෙයක් කරන්නේ. රොෂානා පැද්ද වාහන වල ලියවිලි මගේ ළග තියෙනවා. මගේ වාහන මාස 9ක් පැද්දා කියලා. එයාම කියනවා බලෙන් වාහනය ගත්තා කියලා. සල්ලි දෙන්නේ නැතිව වාහන පදිනවිට බලෙන් වාහන ගන්නවා. ඒක එයා පිළිගන්නවා. ලක්ෂ 10ට පදින්න පුළුවන් එක් ලක්ෂ පනස් දහස ගානේ මාස කියද?

මට කරන්න පුළුවන් සීමාවක් තියෙනවා. ඒ සීමාවේ ඉදන් උපරිම මම කළා. ඊට පස්සෙත් මට ඒක කරන්න බැහැ. අධිකරණයට මම හැම ලියවිල්ලක්ම ඉදිරිපත් කළා. මට තව ලක්ෂ තුන හමාරක් රොෂානාගෙන් එන්න තියෙනවා.

රොෂානා ඇත්තටම මට ලක්ෂ 10ක් දීලා තියෙනවා. මම රෙන්ට් අරන් දුන්න වාහනේට මාස 9යට ලක්ෂ දහතුන හමාරක් වෙනවා. එයා දුන්නේ ලක්ෂ 10යි. මම ණයයි ඉමාෂා කැබ් එකට. රොෂානා හිට් වෙන්න මාව පාවිච්චි කරන එකට ඇත්තටම මට දුකයි. රොෂානාට වැඩ නැහැ කියලා මට කරන්න දෙයක් නැහැ.

රොෂානා මට හම්බවෙන්නේ මගේ ඩීවීඩි චිත්‍ර‍ටයකදී යි. මම අධ්‍යක්ෂකවරයෙක් නෙවෙයි. මමයි ඒක නිෂ්පාදනය කළේ. අධ්‍යක්ෂණය කළේ ශාන් පෙරේරා. රොෂානාට මාත් එක්ක ළගම ඇසුරක් තිබුණා. රෑ 10ට 12ට ෆොන් එකෙන් කතා කරලත් තියෙනවා. ඒවා එයාගේ ෆොන් එකේ තියෙනවා. ඒ වෙනකොට එයාට කැඩිච්ච කසිකබල් වාහනයක් තමයි තිබ්බේ. ඉතිං එයා මට වාහනයක් ගෙනත් දෙන්න කිව්වා. එයාගේ අතේ සල්ලි නැහැ. මට ගෙවාගෙන යන්න කිව්වා. මට ලක්ෂ 10ක් දුන්නා. මම වාහනය ගෙනත් ලියවිලිත් ඔක්කොම හැදුවහම රොෂානා කිව්වා එයාට වාහනය එපා කියලා. එයා ළග දැන් ඉන්න අයියලා කිව්වලු එයාට වාහනයක් දෙන්නම් සල්ලි ඉල්ල ගන්න කියලා. එත් මම වාහනේ ගෙනත් දෙනකම් එයාට රෙන්ට් එකට වාහනයක් දුන්නා.

එයා අපේ ගෙදරට ඇවිත් රෑට කාලා ඉමාෂා කැබ් එකේ අයත් අපේ ගෙදරට ඇවිත් එයා ඉස්සරම තමයි ලියවිලි හදලා වාහනයක් රෙන්ට් එකට දුන්නේ. එයා හැමතැනම කිය කිය තිබ්බා රෙන්ට් එකට ගත්ත වාහනේ එයාගේ කියලා. රෙන්ට් එකට ගත්ත වාහනය එයාට හැමදාම දෙන්න බැහැනේ. මට කියලත් එයාට හැමදාම ගෙවන්න බැහැනේ. එයාගේ ලක්ෂ 10 ඉවර වුණත් එයා වාහනය පැද්දා. අන්තිමට එයා වාහනේ GPS ගැලෙව්වා. ඊට පස්සේ වාහනේ අයිතිකාරයෝ ගෙදරට හොයගෙන ආවා. වාහනේ පැහැරගෙන ගියේ නැහැ. අයිතිකාරයාමයි අරගෙන පොලීසියට ආවේ. ඒක පොලීසියේ දි පැහැදිලි වුණා. පොලීසියේදී මෙයා බලෙන් වාහනය තියාගෙන ඉන්න බව පැහැදිලි වුණා. පස්සෙ එයා අපිව මගහැරියා. එයාගේ අයියලා කියන අය මට ලොකු බලපෑම් කලා.

මෙයාගේ වාසනාවට ගිහාන් මල්ලි මැරුණා. මම කාර් සේල් එකේ දී අත්අඩංගුවට ගත්තේ නැහැ. එහෙම කාර් සේල් එකක් ලංකාවේ ඇත්තේත් නැහැ. මම එයාට මරණ තර්ජනය කරලා නැහැ. එයා ලැජ්ජා නැති වැඩ කරන්නේ. එයාට තියෙන ප්‍ර‍ශ්න තොගයත් එක්ක මේ දෙවල් කරන්න බැහැ. අධිකරණයෙදී ඊයේ ඇත්ත ඔප්පු වුණා. රගපාන්න නැත්නම් රස්සාවක් කරන්න ඕනේ. ළමයාව නඩු වලට පාවිච්චි කරන්නේ මොන අම්මලද. අපිටත් පවුල් ජිවිතයක් තියෙනවා. අපිටත් සලකන්න පුළුවන් සීමාවක් තියෙනවා. මට එයා වෙනුවෙන් එච්චර වියදම් කරන්න බැහැ.

උපුටා ගැනීමකි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!