Gossip

සන්සුන්ව තිබූ තෙල්දෙණිය නොසන්සුන් වෙන ලකුණු – ජන ගඟක් තෙල්දෙණිය වටකරයි, පොලිස් ඇඳිරි නීතිය පනවයි – අලුත්ම තත්ත්වය මෙන්න – Exclusive

අමානුෂික ලෙස පහරදී පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය නිසා තෙල්දෙණිය ප්‍රදේශයේ මේ වනවිට උණුසුම් තත්ත්වයක් ඇතිව තිබෙන බව වාර්තා වනවා.

මේ හේතුනේ මහනුවර, පරිපාලන දිස්ත්‍රික්කය සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇදිරි නීතිය පනවා තිබෙනවා.
මහනුවර දිගන ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුම්කාරී තත්ත්වයක් හේතුවෙන් එය මැඩපැත්වීම සඳහා අද(05) දහවල් පොලීසිය කදුළු ගෑස් ප්‍රහාරයක් ද එල්ල කර තිබුණි.
කලහාකාරී තත්ත්වය මැඩපැවැත්වීම සඳහා පොලිස් විශේෂ කාර්යය බලකාය යොදවා ඇති අතර ඇදිරිනීතිය ද ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේය.
පසුගිය 22 වැනිදා තෙල්දෙණිය ඉන්ධන පිරවුම් හල අසලදී පුද්ගලයන් හතරදෙනෙකු විසින් කුමාරසිංහ නමැති 42 හැවිරිදි වියේ අයෙකුට පහරදී තිබුණා.

පසුව ඔහුව රෝහල් ගතකළ අතර ඊයේ මෙම පුද්ගලයා මියගොස් තිබුණා.

     

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!