Gossip News

සජිත් යූඑන්පීයෙන් ඡනාධිපතිවරණයට..

සඡිත් ප්‍රේමදාස යූඒන්පී ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීමට පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒකමතිකව තීරණය කර තිබෙනවා.

ඒ සිරිකොත පක්ෂ මූලස්ථානයේදීයි.

පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල නියෝජිතයින් පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද(26) සවස 3 ට රැස්විය.

එහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සජිත් ප්‍රේමදාස මහතාගේ නාමය ජනාධිපති අපේක්ෂකත්වය වෙනුවෙන් යෝජනා කර ති‌‌‌බෙනවා.

එක්සත් ජාතික පෙරමුණ විසින් ජනාධිපති අපේක්ෂකයා තේරීමේ වගකීම එක්සත් ජාතික පක්ෂයට බාර දුන් බවද අගමැතිවරයා මෙහිදී පැවසුුුුවා

බොහෝ දෙනෙකුගේ මතය වුයේ පක්ෂයේ බෙදීමක් ඇති නොවන ලෙස තීරණයක් ගැනීම බවත් කියා සිටි රනිල් වික්‍රමසිංහ මහතා, ප්‍රතිපත්ති අනුව ඉදිරියට යා යුතු බවත් කියා සිටියා.

ඒ අනුව බහුතර කැමැත්ත වී ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතා බවත් පැවසු අගමැතිවරයා, අනෙක් පක්ෂ සමඟ එකතු වී මැතිවරණය ජයගහණය කරන ආකාරය සාකච්ඡා කළ යුතු බවත් මෙහිදී කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අමතමින් අගමැතිවරයා පවසා ති‌‌බෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!