Gossip News

ගාල්තැන්නේ දේවාලය කොල්ලකාලා.. මහාබලගතු දේවගැතිව බැඳ කාමරයකට රැගෙන ගොස් වසා දලා..

කුප්‍රකට මහනුවර, ගාල්තැන්න ශ‍්‍රී භද්‍රකාලී අම්මාන් දේවාලයට කොල්ලකරුවන් පිරිසක් කඩා වැදීම මේ වන විට දැඩි කතාබහට ලක්වුණ කාරණයක් වෙලා තිබෙනවා.

ඊයේ අලුයම දේවාලයට ඇතුළු වූ පිරිසක් එහි සේවකයින් සහ දේවගැතිවරයා බැඳදමා මෙලෙස රත‍්‍රං සහ මුදල් පැහැර ගෙන ගොස් තිබෙන බවට වාර්තා වෙනවා.

කලක පටන් මහා හාස්කම් ඇති පුද්ගලයෙකු ලෙස මාධ්‍ය මගින්ද හුවා දැක්වූ මෙම දේවාලයේ කුපක්‍රට දේවගැතිවරයා දේවාලයට ඇතුළු වූ අවස්ථාවේ ඔහු අල්ලා බැඳ කාමරයකට රැගෙන ගොස් වසා දමා තිබෙනවා.

එහිදී කොල්ලකරුවන් 06 දෙනෙකු පැමිණරුපියල් ලක්ෂ 04 ක මුදල් සහ කිලෝ 10කට අධික රන් ආභරණ කොල්ලකා පළා ගොස් තිබුණා.

මේ පිළිබඳව තලාතුඔය පොලිසිය විමර්ශන ආරම්භ කළ අතර මාර්ගය දෙපස CCTV දර්ශන පරික්ෂාවට ලක් කිරීමෙන් අනතුරුව සහ ලැබුණු තොරතුරු මත මෙම සැකකරුවන් පැමිණි ත්‍රිරෝද රථය සොයා ගැනීමට පොලිසියට හැකි වී තිබෙනවා.

අදාළ ත්‍රිරෝද රථය ඔස්සේ සිදු කළ විමර්ශනවලින් අනතුරුව එම අපරාධයට පැමිණි සැකකරුවන් 04 දෙනෙකු අද (26) පාන්දර වන විට අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබෙනවා.

ඔවුන් විසින් සොරකම් කරන ලද රුපියල් ලක්ෂ 500ක වටිනාකමකින් යුත් කිලෝග්‍රෑම් 10කට අධික රන් ආභරණද සොයා ගැනීමට පොලිසියට හැකි වී තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!