Gossip News

අපවත්වු නයාරු ගුරුකන්ද රජමහා විහාරයේ විහාරාධිපති නාහිමියන්ගේ දානමය පින්කම කටයුතු සිදු කරයි – Photos

මුලතිව් නයාරු ගුරුකන්ද රජමහා විහාරස්ථානයේ වැඩවිසු අපවත්වු පූජ්‍ය කොළඹ මේධාලංකාරකිත්ති නාහිමියන් අපවත්වීමෙන් අනතුරුව සිදුකළ සත්දින දානමය පුණ්‍යකර්මය අද(26) මුලතිව් නයාරු ගුරුකන්ද රජමහා විහාරස්ථානයේදී පැවැත් වී තිබුණා.
විහාරස්ථානයේ විහාරාධිකාරි පූජ්‍ය මිහිදුපුර රතනදේවකිත්ති නාහිමිගේ මූලිකත්වයෙන් විහාරස්ථ දායක සභාව විසින් දානමය පුණ්‍ය කර්මයේ කටයුතු සංවිධානය කොට තිබුණා.
උතුරු පළාත් ප්‍රධාන සංඝනායක ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහා ලේඛකාධිකාරි ශ්‍රී ලංකා අමරපුර වජිරවංශ පාර්ශවයේ අනුනායක රුසියාවේ ප්‍රධාන සංඝනායක, පංච මහා විහාරාධිපති මහාචාර්ය පල්ලේකන්දේ රතනසාර නාහිමි ප්‍රමුඛ තෛනිකායික භික්ෂූන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් දානමය පුණ්‍ය කර්මය පැවැත්වුණා.
මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය 20 වැනිදා රාත්‍රියේ නාහිමියන් අපවත්වු අතර, විහාරාධිපති නාහිමියන්ගේ දේහය විහාර භූමියේ අදාහනය නොකරන ලෙසට විහාරභූමියේ පවිතන නිරාවිය පිල්ලයාර් ගණදෙවි කෝවිලේ පාලක සභාව සිදුකළ පැමිණිල්ලක් මත නාහිමියන්ගේ ආදාහනය කටයුතු සිදුකිරීමට අධිකරණ නියෝගයක් ලබා ගැනීමට සිදුවුණ අතර
අපවත්වී වදාළ මුලතිව් නයාරු ගුරුකන්ද රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය කොළඹ මේධාලංකාරකිත්ති නාහිමයන්ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය විහාර භූමිය හා නිරාවිය පිල්ලයාර් ගණදෙවි කෝවිල ඉදිරිපස මාර්ගයන් එපිට නයාරු වෙරළ සීමා මායිමේ පිහිටි පැරණි යුද හමුදා කඳවුරක් තිබූ ස්ථානයේ සිදුකරන ලෙස මුලතිව් ප්‍රධාන මහෙස්ත්‍රාත් එස්. ලෙනින්කුමාර් මහතා පසුගිය 23 වැනිදා නියෝග කර තිබුණා.
නයාරු ගුරුකන්ද රජමහා විහාරස්ථානයේ විහාරාධිපති නාහිමයන්ගේ දේහය ආදාහනය කිරීම සම්බන්ධයෙන් මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ගොනු කොට පැවති නඩු විභාගය සම්බන්ධයෙන් තීරණයක් ලබාදෙමින් මහේස්ත්‍රාත්වරයා අදාළ තීන්දුව ප්‍රකාශයට පත්කරනු ලැබුණා.
ආදාහන පූජෝත්සවයෙන් අනතුරුව අදාළ ස්ථානයේ කිසිදු ඉදිකිරීමක් සිදුනොකරන ලෙසද මහෙස්ත්‍රාත්වරයා විහාරයේ දායක පාර්ශවය වෙත උපදෙස්දෙනු ලැබුණා.
එහෙත් සංඝ සභාවේ තීරණය අනුව මුලතිව් ගුරුකන්ද රජමහා විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය කොළඹ මේධාලංකාරකිත්ති නාහිමියන්ගේ දේහය විහාර භූමියේම 23 වැනිදා සවස විහාර භූමියේම ආදාහනය කරනු ලැබුවා.
ආදාහන පූජ්‍යතෝසවයට වැඩම කළ බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර නාහිමියන් පැවසූවේ අධිකරණ තීන්දු තීරණ අනුව භික්ෂූන් වහන්සේගේ දේහයන් අදාහනය කිරීම සම්බන්ධයෙන් අපි එකඟ නොවන අතර සිංහල බෞද්ධ රටේ සංඝ සභාවේ තීරණය අනුව නයාරු නාහිමියන්ගේ දේහය එලෙස විහාර භූමියේම අදාහනය කළ බවයි.
මහේස්ත්‍රාත්වරයාගේ තීන්දුව ලැබෙන විට සංඝ සභාව විසින් ‍දේහයේ අදාහන කටයුතු සංවිධානය කොට තිබු ආකාරයක්ද දැක ගැනීමට හැකිවුණා.
අධිකරණ නියෝගයට එපිටින් නාහිමයන්ගේ දේහය අදාහනය කිරීමට විරුද්ධව මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයේ දමිළ නීතිඥවරුන් හා මුලතිව් ප්‍රදේශවාසීන් පිරිසක් පසුගිය 24 වැනිදා මුලතිව් ප්‍රදේශයේ විරෝධතා වැඩසටහනක්ද පවත්වණු ලැබුවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!