Gossip

සංහිඳියාව වෙනුවෙන් අලුත් රූපවාහිනී නාලිකාවක් – ඒ වෙනුවෙන් පාසල් ඉඩමකිනුත් පර්චස් 100ක භූමි ප්‍රමාණයක්

සංහිඳියාව කියන වචනේ මේ ආණ්ඩුව පත්වෙන්නත් කළින් ඉඳන්න අහන්න ලැබුණු ජනප්‍රිය වචනයක්නේ.

ඉතින් ආයෙත් ඒක ගැන අලුත් කතාබහක් ඇතිවෙන්න පටන් අරන් තියෙනවා.

“සංහිඳියාවේ නාලිකාව” නමින් අලුත් නාලිකාවක් ආරම්භ කරන්න යනවා කියලා ඊයේ කැබිනට් මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කිරීමත් සමග තමයි මේ කතාබහ ඇතිවෙන්න පටන් අරන් තියෙන්නේ.

දමිල ජාතිකයන් ඉලක්ක කරගෙන ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව මගින් නව රූපවාහිනී සංස්ථාව මගින් නව රූපවාහිනී නාලිකාවක් ඒ අනුව ආරම්භ කෙරෙනවා කියලා තමයි ප්‍රකාශ වෙලා තියෙන්නේ.

මෙම රූපවාහිනී නාලිකාව සඳහා අවශ්‍ය තාක්ෂණික උපකරණ මේ වන විටත් ඇනවුම් කර තිබෙන බවත් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කරලා තියෙනවා.

ඒවගේම මේ රූපවාහිනී නාලිකාව සඳහා වෙනම සංඛ්‍යාතයක්ද වෙන්කරලා තියෙනවා කියලා තමයි අමාත්‍යවරයා කියලා තියෙන්නේ.

චාවකච්චේරිය ප්‍ර දේශයේ මීසාලෛයි වීරසිංහම් මධ්‍ය විද්‍යාලයෙන් ඉඩමෙන් පර්චස් 100ක භූමි ප්‍රමාණයක් ද මෙම නාලිකාවේ මැදිරි සංකීර්ණය ඉදිකිරීම සඳහා යාපනය දිස්ත්‍රික් ලේකම්වරයා විසින් වෙන්කර දී තිබෙන බවටත් එම භූමි ප්‍රමාණය ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව වෙත පවරා ගැනීම සඳහා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ යෝජණාවද අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!