Gossip

කෝලි සහ අනුෂ්කා Honeymoon එකෙන් පස්සේ ඉන්දියාවට ඇවිත් කරලා තියෙන දේ

ඉන්දීය ක්‍රිකට් නායක විරාට් කෝලි සහ බොලිවුඩි නිලි අනුෂ්කා ශර්මාගේ විවාහ උත්සවය පසුගිය 11 වැනිදා ඉතාලියේදී පැවැත්වුණේ පවුලේ සහ සමීප හිතමිතුරන්ගේ සහභාගිත්වයෙන් කියලා කොයි කවුරුත් දන්න කරුණක්.

ඔවුන්ගේ විවාහය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරපු කෝලි යුවළ, තමන්ගේ පවුලේ ඥාතීන් සහ සමීප හිත මිතුරන් පමණක් විවාහ මංගලෝත්සවයට සහභාගී වූ බව වගේම මේ විවාහ මංගල්‍යය පෞද්ගලික අවස්ථාවක් විය යුතු බවත් කියලා තිබුණා.

විවාහයෙන් පසු තමාගේ පණිවුඩය කෝලි සිය ලෝලීන්ට ට්විටර් හරහා ලබාදුන් විරාත් කෝලි, “සදහටම ආදරයෙන් බැඳී සිටින බව අද දින අපි එකිනෙකාට පොරොන්දු වූයෙමු. මේ අලංකාර දිනයේ එම ප්‍රවෘත්තිය ඔබ සියලු දෙනා සමඟින් බෙදා හදා ගැනීමට හැකිවීම සම්බන්ධයෙන් අපි භාග්‍යවන්තයෝ වන්නෙමු” ලෙස සටහන් කර තිබුණා.

විවාහය ඉතාලියේදී පැවැත්වූණත් මෙම විවාහ මංගලෝත්සවය සම්පූර්ණයෙන්ම හින්දු චාරිත්‍රානුකූලව පැවැත්වුණා.

කෝලි සහ අනුෂ්කා අද දිනයේ දිල්ලියේදී සිය නැදෑ හිතමිතුරන් වෙනුවෙන් සාදයක් පවත්වන බව වාර්තා වන අතර ලබන දෙසැම්බර් 26 වැනිදා මුම්බායිහිදි බොලිවුඩ් තරු සහ ක්‍රිකට් ක්‍රීඩකයින් වෙනුවෙනු සාදයක් පැවැත්වීමට සූදානමින් සිටින බවත් වාර්තා වෙනවා.

ඊට පස්සේ මේ දෙන්නා දකුණු අප්‍රිකාව බලා පිටත්ව යාමට නියමිත බවත්, එහිදී දකුණු අප්‍රිකානු සංචාරය සඳහා කෝලි සහභාගී වන බවත් සඳහන් වෙනවා.

ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර පළමු ටෙස්ට් තරගය ජනවාරි මස 4 වැනිදා කේප් ටවුන් නුවරදී ආරම්භ වන අතර ඒ සතියේදීම අනුෂ්කා ෂර්මා තමන්ගේ ගිවිසුම් අනුව කටයුතු කිරීම සඳහා මුම්බායි බලා පැමිණෙනු ඇතයි වාර්තා වෙනවා.

ඉන්දීය මාධ්‍ය විරාට් කෝලි සහ අනුෂ්කා ශර්මා යුවළ ‘විරුෂ්කා’ යන අන්වර්ථ නාමයෙන් හැදින්වීමට ආරම්භ කර ඇති බවත් සඳහන්.

විවාහයෙන් අනතුරුව දෙදෙනාම මුම්බායිහි පදිංචි වන බවද කෝලි යුවළගේ නිවේදනයේ සඳහන් වෙනවා.

කෙසේවෙතත් ඉන්දියාවෙන් පිටත තම විවාහය සමරපු කෝලි සහ අනුෂ්කා ඊයේ ඉන්දියාව වෙත පැමිණ තිබෙනවා.

එහිදී ඔවුන් මුලින්ම ඉන්දියාවේ අගමැති තුමා නරේන්ද්‍ර සිං මොඩි මහතාව හමුව ඇති බව සඳහන්.

ඔවුන් එහි ගොස් ඇත්තේ ඔවුන්ගේ ඉන්දියාවේ පවත්වනු ලබන විවාහ උත්සව සාදයට අගමැතිතුමාට ආරාධනා කිරීමට බව වාර්තා වෙයි.

ඒ අනුව ඔවුන්ගේ ඉන්දියාවේ පවත්වන උත්සවයේ ප්‍රධාන ආරාධිතයා නරේන්ද්‍ර සිං මොඩි වනු ඇත.

කෙසේ වෙතත් මෙම හමුව පිළිබඳව නරේන්ද්‍ර සිං මොඩි මහතාද ෆේස්බුක් ඔස්සේ සඳහන් කර තිබුණා.

එහිදී ඔහු යුවළට සුභ පැතීමටද අමතක කරතිබුනේ නෑ. එම සටහන පහතින්…

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!