Gossip

ශ්‍රී ලාංකික ඉංජිනේරුවන් දෙපළක් නිර්මාණය කළ මෙරට පළමු චන්ද්‍රිකාව “රාවණ – වන්” ගුවනට

මෙරට ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලාංකික ඉංජිනේරුවන් දෙපලක් විසින් නිර්මාණය කළ ‘‘රාවණ – වන් ’’ චන්ද්‍රිකාව අද අළුයම 2.16 ට ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත රැගෙන ගියා.

ඒ අනුව අද අභ්‍යවකාශ ගත කෙරුණු චන්ද්‍රිකාව හෙට පස්වරු 6.30 ට පමණ ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ළඟාවීමට නියමිතයි.

ජපානයේ කි‍යුෂු සරසවියේ බර්ඩ්ස් නමැති විශේෂ ව්‍යාපෘති යටතේ නිපදවූ ‘‘රාවණ – වන් ’’ චන්ද්‍රිකාව ඝණ සෙන්ටිමීටර් දහසක පමණ ප්‍රමාණයකින් සහ කිලෝග්‍රෑම් 1 යි දශම 1 ක බරකින් යුක්තයි.

ඇමරිකාවේ – වර්ජනියා ප්‍රාන්තයේ සිට නාසා ආයතනයට අයත්, අන්තරෙස් රොකට්ටුව ආධාරයෙන් එය පෘථිවියේ සිට කිලෝමීටර් 400 ක් පමණ ඉහළින් පිහිටි ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත රැගෙන යනු ලැබුවේ සිග්නස් අභ්‍යවකාශ යානය මගින්.

මෙම චන්ද්‍රිකාවට ‘‘රාවණ – වන් ’’ ලෙස නම් තබනු ලැබුවේ ආතර් සී.ක්ලාක් මධ්‍යස්ථානයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් සනත් පනාවැන්නගේ යෝජනාවකට අනුවයි.

මෙම චන්ද්‍රිකාව නිර්මාණය කිරීම සදහා දායක වුණේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විදුලි සහ ඉංජිනේරු උපාධිධාරියෙක් වන ආතර් සී.ක්ලාක් මධස්ථානයේ පර්යේෂණ ඉංජිනේරු තරිඳු දයාරත්න සහ තායිලන්තයේ ආසියානු තාක්ෂණ ආයතනයේ උපාධිධාරිනියක වන දුලානි චාමිකා විතානගේ යි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!