Gossip

පවුලේ හැමෝම එකතුවෙලා අවුරුදු සමරපු වෙලාවේ වැඩිහිටි නිවාසයක තනිකළ ඔබේ පියා එක්ක අපි අවුරුදු සැමරුවේ මෙහෙමයි

පවුලේ හැමෝම එකතු වෙලා අවුරුදු සමරද්දි අම්මා, තාත්තා වැඩිහිටි නිවාසෙක තනිවෙලා හිටියානම් මේ අවුරුද්දේ තිබ්බ සතුට මොකක්ද..?

ප්‍රශ්න, කරදර අඟහිගකම් ඕන කෙනෙක්ට තියෙන්න පුළුවන්..හැබැයි කිසිම අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් සැප සම්පත් හොයන්නේ නෑ දරුවන්ගෙන්.. ඒ අය බලාපොරොත්තු වෙන්වෙන් බතුයි පොලුයි කාලා හරි දරුවෝ එක්ක ඉන්න.

ඇගේ වාරු නැතිවෙද්දි තමන්ගේ අම්මා හරි තාත්තාව හරි වැඩිහිටි නිවාසෙකට තල්ලු කරන්න තරම් කෙනෙකුගේ හිතට හයියක් තියෙනවානම් ඒ කෙනාට ඕනම අමනුස්ස වැඩක් කරන්න පුළුවන් කියලයි මම හිතන්නේ.

දරුවෝ වෙනුවෙන් අප්‍රමාණ දුක් විඳලා ඒ දරුවන්ගේ අත් පය නොකඩා හදලා සමාජයේ තැනකට ගේන්න අපේ දෙමව්පියෝ මොන තරම් දුකක් විදින්න ඇත්ද..මතක තියාගන්න තමන්ගේ අම්මට තාත්තව වැඩිහිටි නිවාසෙකට දාන්න කළින්, දවසක ඒ අයගේ දරුවෝ කරන්නෙත් ඒ ටිකමයි කියලා..

දරුවෝ ඉද්දිත්, පවුලේ හැමෝම එකතු වෙලා අවුරුද්දට සතුටින් ගෙදර ඉද්දි වැඩිහිටි නිසාවෙක තනිවුණු තාත්තලා අම්මලා මොන තරම්නම් පිච්චෙනවා ඇතිද..?

ඒ අය ළඟට ගිහින් මොහොතකට හරි ඒ අයගේ දරුවෝ වෙන්න අපි උත්සහ කළා.. ඒ මේ තාත්තලා එක්ක සිංදු කියලා ඒ අයට අලුත් ඇදුම් දීලා කෑම දීලා ඒ අයත් එක්ක ජීවත් වෙලා.

කවදාවත් තමන්ගේ අම්මව තාත්තව වැඩිහිටි නිවාසෙකට කොටු කරන්න තරම් පහත් වෙන්න එපා.. ලැජ්ජා වෙන්න ඕනේ තමන් තමන් ගැනම

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!