Gossip

සියලු හදවත් සසල කරමින් මහියංගනය මාරක අනතුරින් අවසන් ගමන් ගිය එකම පවුලේ අය අතර සිටි නිවුන් දරුවන් දෙදෙනා – Photos

මහියංගනය-බදුල්ල මාර්ගයේ මහියංගනය ජාතික පාසැල ඉදිරියේදි අද(17) අළුයම 1.30 ට පමණ වෑන්රථයක් හා පුද්ගලික බස්රථයක් ගැටී සිදුවූ අනතුරින් වෑන්රථයේ ගමන් කළ එකම පවුලේ 10 දෙනෙක් අවසන් ගමන් ගියා.
මේ පිරිස අතර නිවුන් දරුවන් දෙදෙනකුද සිට තිබෙනවා.
අවාසනාවන්ත විදිහට ජීවිත ගමනට ඒ විදිහට සමුදීලා තිබුණේ මඩකලපුව පනිච්චිඅඩි ප්‍රදේශයේ පදිංචිව සිටි ජෝශප් රෙලින්ටන් ජෝජස් (56) සහ ඔහු‍ගේ බිරිඳ වන සිල්වියා ජෝප්ස් (50) ඔවුන්ගේ බෑනාවරු දෙදෙනෙක්, දියණියන් දෙදෙනෙක් , මිනිබිරියන් තිදෙනෙක් හා මුනුපුරෙක්.
මෙම අනතුරින් ජීවිතය බේරගන්න පුළුවන් වෙලා තිබුණේ එක් අයෙකුට පමණයි.
ඇයත් මේ වෙද්දි බදුල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.
ත්‍රීකුණාමලය සිට දියතලාව දක්වා ධාවන වෙමින් තිබූ පුද්ගලික බස්රථයේ මුහුණට මුහුණ ගැටුණ වෑන්රථය, බස්රථයේ මීටර් 1 යි සෙ.මි. 80 ක් පමණ ඇතුළට කාවැදී තිබෙනවා..
වෑන්රථයේ 12 දෙනෙක් ගමන්කර ඇති අතර ඔවුන්ගෙන් ජීවතුන් අතර ඇත්තේ වයස අවුරුදු 13 ක් සහ 16 ක වන ගැහැණු දරුවන් දෙදෙනෙක් පමණි.
බරපතළ තුවාල ලැබූ ඔවුන් දෙදෙනා බදුල්ල මහරෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.
බස්රථය ත්‍රීකුණාමලසේ සිට එන අතර තුර අළුයම 1.30 ට පමන අනතුර සිදුවු ස්ථානයට නුදුරු හෝටලයක් ළඟ නතර කර මගීන් තේ පානය කිරිමෙන් පසු යළි ගමන් අරඹනවාත් සමඟම වැරැදි මංතිරුව ඔස්සේ වේගයෙන් පැමිණ වෑන් රථය බසයේ ගැටී ඇති බව විමර්ශනවලදි අනාවරණය වී තිබෙනවා.
මෘත දේහයන් 10 පිළිබඳව මහේස්ත්‍රාත් පරික්ෂණය හා පශ්චාත් මරණ පරික්ෂණ මහියංගන මූලික රෝහලේ දි සිදුකිරීමට නියමිතයි.
වෑන්රථයේ රියදුරා නින්ද ගොස් මාර්ගයේ වැරැදි මංතිරුවට ධාවනය වීම නිසා මෙම අනතුර සිදුවන්නට ඇතැයි පොලීසිය අනුමාන කරනවා.
අනතුරක් වළක්වා නොගැනිමේ චෝදනාව යටතේ බස් රථයේ රියදුරා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බස්රථයේ ගමන් කල මගීන් තිදෙනෙක්ද සුළු තුවාල ලබා මහියංගනය මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි අප වාර්තාකරුවන් පැවසුවේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!