Gossip News

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති තිලංග සුමතිපාලට අවසානෙට මොකද වුණේ..

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති තිලංග සුමතිපාලට ක්‍රිකට් පරිපාලනයට සම්බන්ධ වීම සම්පූර්ණයෙන්ම තහනම් කරමින් ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු විසින් විශේෂ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

එම තීන්දුව ගෙන ඇත්තේ ක්‍රීඩා අමාත්‍යාංශය පත් කළ ත්‍රිපුද්ගල කමිටුවේ පරීක්ෂණ වාර්තාවෙන් තිලංග සුමතිපාල මහතාට ක්‍රිකට් පරිපාලනයට කිසිදු අයුරකින් සම්බන්ධ විය නොහැකි බව නිර්දේශ කිරීම මත බව කියවෙනවා.

ත්‍රිපුද්ගල කමිටුවේ අවසන් වාර්තාව සහ නිර්දේශ පසුගියදා (11දා) ක්‍රීඩා අමාත්‍යවරයාගේ අවධානයට යොමු කර තිබුණු අතර, ඒ අනුව 1973 අංක 25 දරණ ක්‍රීඩා පනතේ 39(1) වගන්තියෙන් අමාත්‍යවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම තහනමට ක්‍රීඩා අමාත්‍යවරයා මෙම නියෝගයට අත්සන් තබා තිබෙනවා.

මේ අනුව හිටපු ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාලට මින් ඉදිරියට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටු සාමාජිකයෙකු ලෙස, හිටපු ක්‍රිකට් සභාපති ලෙස හෝ ක්‍රිකට් ආයතනයේ පරිපාලකයෙකු ලෙස එහි වැඩ කටයුතු හෝ රැස්වීම්වලට සහභාගි වීම, අසුන් ගැනීම, ඡන්දය භාවිත කිරීම, කුමන හෝ කමිටුවක කුමන හෝ රැස්වීමකට, ක්‍රියා පටිපාටියකට දායක වීම සහ කුමන හෝ ආකාරයකින් හෝ බලය ක්‍රියාත්මක කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කර තිබෙනවා.

මෙම විශේෂ නියෝගයේ පිටපත් ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්, හිටපු ක්‍රිකට් සභාපතිවරයාටඑරෙහිව ක්‍රීඩා අමාත්‍යවරයාට පැමිණිල්ලක් යොමු කළ පිළියන්දල නගර ක්‍රීඩා සමාජයටද ඊයේ දිනයේදී යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!