Gossip

පොලිස් දඩ කොලේ අලුත්ම විස්තරේ මෙන්න

මෝටර් රථ වැරදි සඳහා පොලීසිය ලබාදෙන දඩ කොළය ප්‍රථම වරට සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම පළකිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා පවසයි.

උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතාගේ මූලිකත්වයෙන් පවත්වන ලද දීර්ඝ සාකච්ඡාවලින් අනතුරුව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ අත්සනින් යුතුව භාෂා තුනෙන්ම මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය පවසයි.

ආණ්ඩුකාරවරයා පැවසුවේ 1951 වසරේදී හඳුන්වා දුන් මෙරට මෝටර් රථ වීදි දඩ කොළය මේ වනතෙක් පළ වූයේ එක් භාෂාවකින් පමණක් බවයි. උතුරේ පොලිස් නිලධාරීන් දඩ කොළය සිංහලෙන් ලියූ විට එය ලබාගන්නා පුද්ගලයන්ට එය කියවා ගැනීමේදී දැඩි අසීරුතාවයන්ට මුහුණ දීමට සිදු වු බවත් අධිකරණ කටයුතුවලදීද ඔවුන්ට එහිදී අපහසුතාවලට මුහුණපෑමට සිදුවූ ඇති බවයි.

භාෂාව නොදන්නා අයෙකුට වුවද තම වරද හඳුනා ගත හැකි ආකාරයට මාර්ගයේ කරන වැරදි අංකයක් ආකාරයට දක්වා ඇති බවත්, අදාළ අංකය බලා තම භාෂාවෙන් ඊට අදාළ වරද හඳුනා ගත හැකි බවත් මෙය ප්‍රජාතන්ත්‍ර අවකාශය සඳහා ලබා ගත් විශාල ජයග්‍රහණයක් බවත් උතුරු පළාත් ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!