Gossip News

පාසල් සිසුවට අමානුෂිකව පහර දුන්නු ගුරුවරයාට වැඩ වරදී..

හැටන් කලාප අධ්‍යාපන කාර්යයාලය යටතේ පාලනය වන හැටන් බොස්කෝ විද්‍යාලයේ සිංහල අංශයේ ප්‍රාථමික අංශයේ තුන්වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන සිසුවෙකුට එම විදුහලේ ගුරුවරයෙකු විසින් පොල්ලකින් අමානුෂික ලෙස පහර දුන්නේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හැටන් පොලීසිය විමර්ෂණයක් ආරම්භ කර තිබෙන බවට වාර්තා වෙනවා.

ආර්.දර්ශන නැමති එම සිසුවාට ඉකුත් 11 දින එම විදුහලේ ගුරුවරයෙකු විසින් සිසුවාගේ පිටකොන්දට , දෙපයට සහ අත්වලට අමානුෂික ලෙස පහර දි ඇති අතර පහර දිමෙන් තුවාල ලැබු සිසුවා දැඩි වේදනාවෙන් නිවසට පැමිණ දෙමව්පියන්ටද ඒ පිළිබදව නොකියා පාසල් නොගොස් අසනිප තත්ත්වයෙන් නිවසේ රැඳී සිට තිබෙනවා.

මේ පිළිබඳව සැක සිතු එම සිසුවාගේ වැඩිමහල් සොහොයුරිය තම සොහොයුරාගෙන් කරුණු විමසිමේදි සොහොයුරා ඇද සිටි කමිසය ගලවා විදුහලේ ගුරුවරයෙකු විසින් පොල්ලකින් පහර දුන් බවත්, තවදුරටත් තමන්ට පාසල් යාමට නොහැකි බවත් පවසා තිබෙනවා.

හැටන් ඩන්බාර් විදියේ පදිංචිව සිටින එම සිසුවාගේ පියා කුලී වැඩ කරමින් තම දරුවන් රැක බලා ගන්නා අතර, පහර කෑමෙන් තුවාල ලබා දැඩි වේදනාවින් සිටි සිසුවාගේ පියා විසින් දරුවාව ඊයේ (15) රාත්‍රි දික්ඔය මුලික රෝහලට ඇතුලත් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් දික්ඔය මුලික රෝහලේ රෝහල් පොලිසිය විසින් හැටන් මුලස්ථාන පොලීසිය වෙත මේ පිළිබදව කරුණු වාර්තා කර ඇති අතර දික්ඔය මුලික රෝහලේ වෛද්‍යවරයෙකු පැවසුවේ සිසුවාට පහර දිම නිසා ශරිරයේ ස්ථාන 8 ක පමණ තැලීම් සහ තුවාල සිදු වි ඇති බවයි.

මේ පිළිබඳව හැටන් බොස්කෝ විදුහලේ සිංහල අංශයේ ගුරුවරියෙකුගෙන් කළ විමසුමකට අනුව එම ගුරුවරිය ප්‍රකාශ කර ඇත්තේ රෝහල් ගත කර සිටින සිසුවා අවස්ථා කිහිපයකදිම පාසලේ අනික් සිසුන්ගේ පාට පැන්සල් සොරකම් කිරිම සම්බන්ධයෙන් අවවාද කර සිටි සිසුවෙකු බවයි.

ඉකුත් සිකුරාදා (11) එවැනිම සොරකමක් සිදු කිරීම සම්බන්ධයෙන් විදුහලේ ගුරුවරයෙකු විසින් සිසුවාට අවවාද කර වේ වැලකින් පහරවල් කිහිපයක් ගසා ඇති බවත් ගුරුවරිය පැවසු බව අප වාර්තාකරු පවසනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!