Gossip News

යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළ අද ජනතා අයිතියට..

ශ‍්‍රී ලංකාවේ තුන් වැනි ජාත්‍යන්තර ගුවන්තොටුපොල ලෙස යාපනය පලාලි ප්‍රදේශයේ ඉදිකළ යාපනය ජාත්‍යන්තර ගුවන් තොටු‍පොළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් අද (17) පෙරවරු 9.00 ට විවෘත කිරීමට නියමිතය.

රුපියල් මිලියන 2250 ක වියදමකින් මෙහි ඉදිකිරීම් සිදුකෙරෙන අතර ඒ සඳහා ශ‍්‍රී ලංකා රජයෙන් රුපියල් මිලියන 1,950ක් සහ ඉන්දීය රජයෙන් රුපියල් මිලියන 300ක් වශයෙන් මුදල් යොදවනු ලැබ තිබේ.

යාපනය ජාත්‍යන්තර ගුවන් ‍තොටුපොළ විවෘත කිරීමත් සමඟම යාපනය සහ චෙන්නායි අතර ගුවන් ගමන් ආරම්භ කිරීම ද සිදු කෙරෙන අතර එහි ප‍්‍රථම ගුවන් ගමන අරඹමින් එයාර් ඉන්දියා එලායන්ස් සමාගමේ ගුවන් යානයක් චෙන්නායි සිට එරට ගුවන් නිලධාරීන් ද සමඟ අද (17) පෙරවරු 10.00 ට යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණීමට නියමිතව තිබෙනවා.

යාපනය ජාත්‍යන්තර ගුවන් ‍තොටුපොළේ දෛනික ගුවන් මෙහෙයුම් නොවැම්බර් මාසයේ ආරම්භ කිරීමට නියමිත අතර ගුවන් තොටු‍පොළ අදියර තුනක් යටතේ ඉදි කිරීමට නියමිතයි.ගුවන්තොටුපොළ පර්යන්ත ගොඩනැගිල්ලක්, ගුවන් ගමන් පාලන මැදිරියක්, ගිනි නිවන ඒකකයක් සහ කාර්යාල ගොඩනැගිලි සංකීර්ණයක් ද මේ වන විට එහි ඉදි කර ඇති අතර,
එහි ධාවන පථය මීටර් 950 සිට මීටර් 1,400 දක්වා දීර්ඝ කිරීමට නියමිත අතර පළමු අදියර යටතේ සතියකට ගුවන් ගමන් වාර 03 ක් සිදු කිරීමට කටයුතු යොදා ඇති බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පවසනවා.
යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පරීක්ෂා කිරීම වෙනුවෙන් පසුගිය 15 වැනිදා ඉන්දියානු තාක්ෂණ ශිල්පීන් සමඟ ඉන්දියානු ගුවන් යානයක් යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

ශ‍්‍රී ලංකාවේ ඉන්දීය මහා කොමසාරිස් තරන්ජිත් සිං සින්ධු මහතා, ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා, නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා හා උතුරු පළාතේ දේශපාලන නියෝජිතයින් වැඩසටහන් අවස්ථාවට සහභාගිවීමට නියමිතව තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!