Gossip News

ශ්‍රී ලංකාවේ සිටින මේ විද්‍යාඥ කණ්ඩායම රටේ නම ජාත්‍යන්තරයට ගෙන යාම වැදගත් ආදර්ශයක්..මේ වගේ විද්‍යාඥයින් තමයි අපිට අවශ්‍ය. එහෙම නැතුව රටින් පැනලා යන අය නෙමෙයි..

ශ්‍රී ලංකාවට ගෞරවයක් අත්කර දෙමින් මෙම නව ග්‍රහ මණ්ඩලය සොයාගන තිබෙන්නේ මොරටුව ආතර් සී ක්ලාක් ආයතනයේ තාරකා විද්‍යා අංශයේ විද්‍යාඥයින් පිරිසක් බවට වාර්තා වෙනවා.

ඔවුන් සොයා ගත් සෞරග්‍රහ මණ්ඩලයට පිටතින් පිහිටි නව ග්‍රහ මණ්ඩලයේ ජලය පැවතිය හැකි බවට ඔවුන් අතර විශ්වාසය පළවී තිබෙනවා.

සිය පර්යේෂණය පිළිබඳ කරුණු අනාවරණ කළ පර්යේෂණ විද්‍යාඥ මහේෂ් හේරත් කියා තිබුණේ මෙම ග්‍රහලෝක ඇත්තම ග්‍රහලෝකද නැත්නම් තවත් තරුවක්ද යන්න පිළිබඳව සෙවීම සඳහා වැඩියෙන් පර්යේෂණ සිදුකරන බවයි.

ආතර් සි ක්ලාක් ආයතනයේ තාරකා විද්‍යා අංශ ප්‍රධානී, ප්‍රධාන පර්යේෂණ විද්‍යාඥ සරාජ් ගුණසේකර ප්‍රකාශ කළේ මෙම ග්‍රහමණ්ඩලයේ ජීවය පැවතීමට අවශ්‍ය සාධක ඇති බවයි.

කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ මහාචාර්ය චන්දන ජයරත්න ප්‍රකාශ කර තිබුණේ ,

“මේකේ ජනතාවට ලැබෙන්න ඕන පළවෙනි පණිවුඩය තමයි මේ වගේ අලුත් දේවල් ලංකාවේ ඉඳලා කරන්න පුළුවන් කියන එක. මේක ඉතාම අමාරු සොයා ගැනීමක්. නමුත් අපි සාර්ථක වුණා. විදේශ සහයෝගයක් නැතුව. මේ වගේ විද්‍යාඥයින් තමයි අපිට අවශ්‍ය. එහෙම නැතුව රටින් පැනලා යන අය නෙමෙයි.”

මෙම නව ග්‍රහ මණ්ඩලය පෘථිවියේ සිට අලෝක වර්ෂ 1, 133 දුරින් පිහිටා තිබෙන බවට ඔවුන් ප්‍රකාශ කර සිටියා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!