Gossip News

මුස්ලිම් විවාහ හා දික්කසාද පනත වෙනස් වෙයි..

තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය හා අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යවරිය විසින් ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවට මෙලෙස කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා.

ශ්‍රි ලංකාවේ මුස්ලිම් ප්‍රජාවගේ විවාහ හා දික්කසාද ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් මුස්ලිම් විවාහ හා දික්කසාද පනත හා ඒ සඳහා වන සංශෝධන මඟින් විධි විධාන සලසා තිබෙනවා.එම පනතෙහි ඇතැම් විධිවිධාන සංශෝධනය විය යුතු බවට මුස්ලිම් ප්‍රජාවගෙන් හා මානව අයිතිවාසිකම් සුරැකීමේ ක්‍රියාකාරීන්ගේ අදහස් ද ඉදිරිපත් වී ඇතැයි රජය පවසනවා.

ඒ අනුව විවාහ විය යුතු වයස, ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදය හා විවාහ වීම සඳහා කැමැත්ත ප්‍රකාශ කිරීමට අදාළ විධිවිධාන ආදි කරුණු සංශෝධනයට කරමින් එකී පනත සංශෝධනය කිරිම සඳහා වන ව්‍යවස්ථා කෙටුම්පත් කිරීමට නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් ලබා දීමට ද අනුමැතිය ලැබී තිබෙනවා. එම පනතට අනුව මුස්ලිම් ජාතිකයෙකු විවාහ වීමේ අවම වයස අවුරුදු 18 දක්වා ඉහල දමා ඇති බවට වාර්තා වෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!