Gossip News

ඔබේ ෆේස්බුක් ගිණුම දැන් අනතුරේ..තොරතුරු තාක්ෂණ සංගමය අනතුරු අඟවයි..

හඳුනා නොගත් පාර්ශවයක් විසින් අනාරක්ෂිත ෆේස්බුක් ගිණුම් ග්‍රහණයට නතුකර ගැනීමේ අවදානමක් පිළිබඳව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ප්‍රකාශ කරනවා.

මෙම ක්‍රියාදාමය සිදුවන්නේ නාදුනන පුද්‍ගලයකු විසින් එවන ලද යොමුවක් හරහා ෆේස්බුක් අඩවිය හා සමාන ව්‍යාජ වෙබ් අඩවියක් යොදාගන ෆේස්බුක් ගිණුමේ මුරපදය සහ පරිශීලක නාමයන් ලබාගන මෙම කටයුත්ත සිදුකරන බවට ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ප්‍රකාශ කරනවා.

මේ ආකාරයට නතුකරගන්න ෆේස්බුක් ගිණුමෙහි ඊමේල් ලිපිනය සහ මුරපදය වෙනස්කරන අතර නැවත එම ගිණුම ලබාගැනීමට නොහැකි තත්වයට පත්කරන බවට තොරතුරු අනාවරණය වෙනවා.

අසභ්‍ය ඡායාරූප අඩංගු කර ෆේස්බුක් ගිණුමක් නිර්මාණය කර තිබෙනවා යනුවෙන් පවසමින් එය ඉවත් කරන්න ඔවුන්ට තොරතුරු ලබාදෙන ලෙස මෙම නාදුනන පාර්ශවය පවසන බව සඳහන් වෙනවා.

ඔබ ඔබේ ෆේස්බුක් ගිණුමට ලබා දී ඇති ආරක්ෂාව අඩුනම් වහාම එහි ආරක්ෂාව වැඩි කරගන්න ලෙසත් ඉහත ආකාරයේ පණිවිඩයක් ඔබට ආවොත් එයට ප්‍රතිචාර නොදක්වන ලෙසත් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ප්‍රකාශ කරනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!