Gossip

වේගය මරු කැඳවයි – ලොවක් කතාවෙන බිහිසුනු යතුරුපැදි අනතුර (ඡායාරූප)

දැන් රිය අනතුරු හැමවෙලේම අහන්න දකින්න ලැබෙනවා. ජීවිත විශාල ප්‍රමාණයක් නැතිවෙන්නේත් රිය අනතුරුවලින්.

ඒ වගේම තමයි ලෝකයේ වසරකට සිදුවන රිය අනතුරු ප්‍රමාණයත් දැන් විශාල ලෙස වැඩිවෙමින් තියෙනවා.

අපි මේ කියන්න යන්නේ යතුරුපැදිකරුවෙකුට සිදුවූ බිහිසුණු අනතුරක් ගැන.

මේ සිද්ධිය වාර්තාවෙන්නේ ඉන්දියාවෙන්.

ඉන්දියාවේ විසි හැවිරිදි තරුණයෙක් මෙම අනතුරට මුහුණපා තිබෙනවා.

ඉන්දයාවේ අග්‍රා හි Raja Ki Mandi දුම්රිය ස්ථානය අසලදී මෙම අනතුර සිදුව තිබෙන අතර අනතුරෙන් එම තරුණයා බරපතල තුවාල ලබා තිබෙනවා.

යතුරුපැදිය පාලනයකර ගන්න බැරිව සිදුවූ මෙම අනතුරෙන් අසල තිබූ ආරක්ෂක යකඩ වැටක කම්බියක් ඔහුගේ නිකට පසාරු කරගෙන ගොස් තිබෙනවා.

ඒ අවස්ථාවේ ඒ අසල සිටි පුද්ගලයන් එක්ව යකඩ වැට කපා ප්‍රතිකාර සදහා රෝහල් ගතකර තිබෙන බවයි විදෙස් මාධ්‍ය දක්වලා තියෙන්නේ.

154794_1 154794_2 154794_3

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!