Gossip News

වෙළඳ නෞකාවක සේවය කළ සූපවේදියා මියයයි.. මෘත දේහය ආරක්ෂිතව ගොඩබෑමට නාවික හමුදාවේ සහය

ශ්‍රී ලංකාවේ ලියාපදිංචි වෙළඳ නොකාවක් වන ‘MV GRACE’ නෞකාවේ ප්‍රධාන සූපවේදියා ලෙස සේවය කල පුද්ගලයෙකු හදිසියේ හෘදයාබාධයකින් මිය යාම හේතුවෙන් ඔහුගේ මෘත දේහය ‍අදාල නෞකාවෙන් ලබා ගැනීමෙන් අනතුරුව එම මෘත දේහය සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සඳහා අදාල නෞකාවේ නියෝජිතායතනය වෙත භාර දීමට නාවික හමුදාව ඊයේ (2020 අප්‍රේල් 22) සහය ලබා දී තිබුණා.

මෙලෙස මියගොස් ඇති පුද්ගලයා ඩීජේසී කුමාරසිංහ නම් ශ්‍රී ලාංකිකයෙකු වන අතර ඔහු එම නෞකාවේ ප්‍රධාන සූපවේදියා වශයෙන් සේවය කල අයෙක්.

හදිසියේ ඇතිවූ හෘදයාබාධයකින් මෙම පුද්ගලයා මිය යාම හේතුවෙන් අදාල නෞකාවේ නියෝජිතායතනය වන Marine International Agencies (pvt) Ltd සමාගම විසින් මෘත දේහය නෞකාවෙන් ගොඩබෑම සිදුකර දෙන මෙන් ඉල්ලීමක් සිදු කර තිබෙනවා.

ඒ අනුව ආරක්‍ෂක අමාත්‍යාංශයේ අනුමැතිය මත නාවික හමුදා බටහිර නාවික විධානයට අනුයුක්ත රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ හා න්‍යෂ්ටික (Chemical, Biological, Radiological and Nuclear) හදිසි ප්‍රතිචාර දැක්වීම පිළිබඳ ඒකකය විසින් නෞකාව කොළඹ වරාය වෙත පැමිණීමෙන් අනතුරුව වරාය පරිශ්‍රයේදී මෘත දේහය විෂබීජහරණකට ලක් කිරීමෙන් පසු නියමිත සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් ආරක්‍ෂිතව නෞකාවේ නියෝජිතායතනය වන Marine International Agencies (pvt) Ltd සමාගම වෙත භාර දීමට කටයුතු කරන ලදි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!