Gossip News

ත්‍රීපෝෂ ගෙදරටම

කොරෝනා වසංගතය පැතිරීම හේතුවෙන්  ගර්භනී මව්වරුන් හා කුඩා ළමුන් හට රජයේ රෝහල් සායනවලින්  ලබාදෙන ත්‍රීපෝෂ පිටි පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්  හරහා  ඔවුන්ගේ නිවෙස්වලටම  ගොස් ලබාදීමට පියවර ගෙන ඇතැයි  සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි . මේ අනුව රෝහල්වලදී මෙන් කුඩා ළමුන්ගේ  බර කිරීමකින් තොරව පසුගිය මස සටහන් වූ බර ප්‍රමාණයට අනුව ත්‍රීපෝෂ නිකුත් කිරීමට  සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.

ඒ සමගම ගර්භනී මවුවරුන්ට  ලබාදිය යුතු විටමින් වර්ග ද මේ අයුරින්ම බෙදා හරින බව  අමාත්‍යංශය කියයි .

එමෙන්ම පවත්නා කොරෝනා වසංගත තත්ත්වය  හේතුවෙන් පසුගිය සති හතර තුළ දී  ප්‍රතිශක්තීකරණ සායන පැවැත්වීමට සුදුසු තත්ත්වයක් රට තුළ නොතිබුන බැවින්  දැනට එම ප්‍රතිශක්තීකරණ සායන ළමුන්ගේ නිවෙස් ආසන්නයේ පැවැත්වීමට කටයුතු යොදා ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මිය පවසන්නීය . විශේෂ  වසංගත තත්ත්වයන් තුළදී අනුගමනය කළ යුතු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රියා මාර්ග අනුගමනය කරමින් , විශේෂයෙන්ම දුරස්ථ බව රැකගෙන, හැකි තරම් නිවසට සමීපයෙන් විශේෂ සායන මධ්‍යස්ථාන පවත්වා, නිශ්චිත වේලාවක් ලබා දී, ඒ අනුව ප්‍රතිශක්තීකරණ එන්නත් ලබාදීමට කටයුතු ද පිළියෙළ කර ඇති බව ඇය කීවාය . මේ සදහා සෑම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයකටම  අමතර වාහනයක් ද, අමතර වෛද්‍ය නිලධාරියෙකු ද ලබාදීමට කටයුතු කර ඇති බව ද තම ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීනීයගෙන් මේ පිලිබඳ වැඩි විස්තර  ලබාගත හැකි බව ද සෞඛ්‍ය ලේකම්වරිය  සදහන් කළාය .

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!