හොලිවුඩ්

වෙළඳපොළට එන ගුවනින් යන සුපිරි මෝටර් රථය

22

තාක්ෂණික ලොව දිනෙන් දින දියුණු වෙමින් තිබියදී ගුවන් යානයට අමතරව මෝටර් රථය ද ඉදිරි වසර කිහිපය තුළ පියාසර කිරීමට සුදානම් කියන අලුත්ම කතා ප්‍රවෘත්තියයි මේ.  ඒ අනූව ඉදිරි වසර 6ක් තුළ ගොඩබිමේ මෙන්ම ගුවනින් ද යාමට හැකි මෝටර් රථ නිපදවීමට විදේශ සමාගමක් මේවන විට උත්සාහ කරමින් සිටියි.
TF-X නමින් හඳුන්වන මෙම ගුවනින් පියාසර කළ හැකි මෝටර් රථය නිෂ්පාදනය කිරීමට මුල්වී සිටින්නේ Terrafugia නම් සමාගමයි. එය තටු දෙකකින් සමන්විත අතරම සාමාන්‍ය වාහනයක් මෙන් ගරාජයක නවතා දැමීමට හැකි පරිදි වූවත් සාමාන්‍ය ගරාජයක තැන්පත් කිරීමට හැකි වන පරිදි නිර්මාණය කිරීමට එකී සමාගම කටයුතු කරමින් සිටියි.
මෙම මෝටර් රථ 2021 දී නිපදවා අවසන් කිරීමට නියමිත අතර එහි මිළ U.S $400,000කින් පමණ වන බව එම සමාගම පවසයි. දැනට ඇස්තමේන්තුකර ඇති ආකාරයට අනුව එහි ගුවන් පරාසය අඛණ්ඩව සැතපුම් 500ට අධික වන අතර මාර්ග තදබදයකදී රිය පදවන විට ඉතා පහසුවෙන්ම පුද්ගලයින් 4 දෙනෙකු ගුවනින් ඔසවා යෑමට හැකි බව සඳහන්ය.

පහත වීඩියෝවෙන් එම මෝටර් රථය නරඹන්න.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!