හොලිවුඩ්

කොල්ලන් බිත්තිවල‍ට අල්ලා හමාරයි?

මූත්‍රා කරන්න හදිසි අවශ්‍යතාවයක් ඇති වුණොත් ඉතින් කොල්ලෝ කියන්නේ කෙල්ලෝ වගේ ලැජ්ජාවක් තියෙන පිරිසක් නෙවෙයිනේ. ඉතින් ගොඩාක් වේලාවට තැනක් නොතැනක් නෑ. අවශතාවය ඉටුකරගන්න පුළුවන් කොතැනද? අන්න එතැනට ගියා ටක් ගාලා වැඩේ කළා. ආපසු හැරුණා. ඔහොම තමයි පිරිමි පාර්ශවය.

මේ කතාව කියන්න යන්නේ කොල්ලන්ගේ ඒ හදිසියට වැට බඳින්න කරපු වැඩක් ගැන. මේ කතාව වාර්තාවෙන්නේ ජර්මනියෙන්. ජර්මනියේ හැම්බර්ග් හි සෙන්ට් පාවුලි කියන්නේ ඉතා ජනාකීර්ණ වගේම ගණිකාවන් බොහෝ වශයෙන් වෙසෙන නගරයක්. රාත්‍රී කාලයේදී මේ නගරයේ මං මාවත් රැසක් බොහෝ දෙනෙකුගෙන් පිරී ඉතිරෙනවා. මේ හේතුව නිසාම බොහෝ පිරිමින් මූත්‍රා පිට කිරීමේ අවශ්‍යතාවයක් ඇති වුණොත් කරන්නේ කොහේ හරි බිත්තියකට එහි බර බාරදීමයි.

මෙලෙස පිරිමි පාර්ශවය මූත්‍රා පිට‍ කිරීමට බිත්ති යොදාගැනීම නිසා නගරයේ වෙසෙන බොහෝ දෙනා විශේෂයෙන් කාන්තාවන් දැඩි අපහසුතාවට පත්ව සිටිනවා. මීට පිළියමක් ලෙස නවතම ආලේපනයක් මාර්ගවල පිහිටි බිත්තිවල ආලේපනය කිරීමට කටයුතු යොදා තිබෙනවා.

මේ ආලේපනයේ නම Super hydrophobic paint. මේ ආලේපනය සහිත බිත්තියකට මූත්‍රා කළොත් යළිත් එම මූත්‍රා එකී පුද්ගලයාගේ පැත්තට යළි විසිරීමයි මෙහි ඇති විශේෂත්වයයි. මේ නිසා පිරිමි බොහෝ දෙනෙකුට දැන් ඒ හදිසි අවශ්‍යතාවය හරි පහසුවෙන් බිත්තියකට බාරදෙන්න බැරිවෙලා.

පහත වීඩියෝව බලාම තේරුම් ගන්න පුළුවන්.

1 2

 

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!