Gossip

“වෙල්කම් ම්ලේච්ඡයා” – තමන්ව ඝාතනය කිරීමට උත්සහ කළ මධූෂ් කොටුවුණු පසු පොලිස් පරීක්ෂක රංගජීව මුහුණුපොතේ දැමූ සටහන මෙන්න

පාතාල නායක මාකඳුරේ මදූෂ් අත්අඩංගුවට පත් වීම ගැන මේ දවස්වල හැමෝම වගේ නිතරම කතාවෙනවා.
ඩුබායි හි සැගව සිටිමින් මෙරට හෙරොයින් ජාවාරම, කප්පම් ගැනීම, කුලී මිනී මැරුම් ඇතුලු සියලූම පාතාල ක්‍රියා පාලනය කළ මාකඳුරේ මදූෂ් මෙරට ජන ජීවිතයට විශාල තර්ජනයක් එල්ල කළා.
එම ජාවාරම වෙනුවෙන් ඕනෑම කෙනෙකු විනාශ කර දැමීමටද මධූෂ් දෙවරක් සිතුවේ නැහැ.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රංගජීව ප්‍රසිද්ධවී සිටිනුයේ ශ්‍රී ලංකාවේ මත් කුඩු ජාවාරම්කරුවන්ට කිසිදු සමාවක් ලබා නොදෙන පොලිස් නිළධාරියෙකු ලෙසින්.
මෙයට කෝපවී සිටි මධූෂ්ගේ අණින් පාතාලයේ වෙඩි පහරට ලක් වීමට රංගජීව පොලිස් පරීක්ෂකවරයාට අවස්ථාවකදී සිදුවුණා.
නමුත් රංගජීව සුව වී දැන් පොලිස් සේවයේ යළිත් නිරත වී සිටිනවා.
ඒ වගේම කිසිවෙකුටත් කොටුකර ගැනීමට නොහැකියැයි කියූ පාතාල නායක මධූෂ්ද දැන් කොටුවී සිටිනවා.
මෙම අවස්ථාවේදී පොලිස් පරීක්ෂක රංජීව සිය මුහුණුපොතේ අපූරු සටහනක් තබා තිබුණා.
ඒ “වෙල්කම් ම්ලේච්ඡයා” යනුවෙන්.

එම සටහන පහතින්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!