Gossip

ජනප්‍රිය ගායක අමල් පෙරේරාව ලුහුබැඳ මාකඳුරේ මධූෂ් ඉන්නා තැන සොයාගත් විශ්මිත මෙහෙයුම මෙන්න

මාකඳුරේ මධූෂ් ඇතුළු පිරිස ඊයේ අත්අඩංගුවට ගැනුණේ ඩුබායි රාජ්‍යයේ තරු හයේ සුපිරි හෝටලයක් තුලදීයි.

මාකඳුරේ මධුෂ් මේ කාලයේ අනියම් ඇසුරක් පවත්වන කාන්තාවකට සය හැවිරිදි පුත්‍රයකු සිටින බවත්, ඔහුගේ උපන් දින සාදය මහ ඉහළින් සැමරීම සඳහා මෙම හෝටලය වෙන් කරගෙන ඇති බවට පොලිසියට ආරංචියක් ලැබී තිබුණා.

එමෙන්ම මෙම සාදයට පැමිණෙන ලෙස පාතාල නායක මදූෂ්ගේ සමීපතමයන් කිහිප දෙනෙකුටද ඇරයුම් ලැබී ඇති බව පොලිසියට ඔත්තුවක් ලැබී තිබුණු බවයි වාර්තා වන්නේ.

මෑතක සිදු කළ තහනම් ද්‍රව්‍ය වැටළීමකදී අත්අඩංගුවට පත් කෙසෙල්වත්තේ පාතාලයෙකුගෙන් මේ තොරතුර පොලිසියට ලැබී තිබෙනවා.

මධුෂ්ගේ ළඟම හිතවතුන්ට මෙම සාදය සඳහා ආරාධනා ලැබී ඇති බවත් මේ අනුව ඇරැයුම් මත අමල් පෙරේරා, තවත් කලා ක්ෂේත්‍රෙයේ කිහිප දෙනෙක්ද ඩුබායි බලා යනු ඇති බවත් ඒ අනුව පොලිසියට තොරතුරු අනාවරණය කරගන්නට හැකි විය.

මේ අතර අමල් පෙරේරා තහනම් ද්‍රව්‍ය සම්බන්ධ චෝදනාවකට මින් කලකට ඉහත ලක්වූ අයෙක්. අමල් වඩාත් ප්‍රකට වූයේ සුදු කැස්බෑවෙකු සම්බන්ධ සිද්ධියක් නිසාය. ඔහුට මදුෂ් සමග සම්බන්ධයක් තිබිය හැකි බවට පොලිසියට විශ්වාසදායි තොරතුරු ලැබී තිබෙනවා.

පොලිසිය මෙම ආරංචි අනුව ඉතා කෙටි කලක් තුළ සැලසුමක් සකස් කර තිබෙන අතර ඩුබායි පොලිසියේ සහාය ඇතිව එරටදී වැටළිමක් කරන්නට සැළසුම් කර තිබෙනවා.

වඩාත් පහසුම ක්‍රමය වන්නේ අමල් පෙරේරා ඇතුලු පිරිස යන තැන් විමසා ඒ පසුපස ලුහුබැඳීම බව තේරුම් ගෙන මෙම සැලසුම අනුව උපායන් සකස් වෙනවා.

ලැබුණ ආරංචි අනුව ඩුබායි රාජ්‍ය බලා කටුනායක ගුවන්තොටුපොළෙන් ඔවුන් පිටත්ව යන අවස්ථාවේ සිට පොලිස් ඔත්තුකරුවන් ඔවුන් පසුපස යොදවන්නට මෙහෙයුම් කණ්ඩායමට හැකි විය.

කල් ඇතිව කථිකා කරගත් පරිදි ඩුබායි නිලධාරීන් ලංකාවේ කණ්ඩායම එහිදී හමුවී ඇති අතර ඩුබායිහි අමල් නැවතුන හෝටලයේ සිට එරට පොලිසියට මෙම ක්‍රියාකාරකම් අනුව සිද්ධවන දේවල් වාර්තා කර තිබූ අතර සාදය පවත්වන හෝටලය වෙත අමල් ඇතුළු පිරිස ගමන් කරන වේලාව ඒ අනුව ලබා දෙන්නට සූදානම්ව සිට තිබෙනවා.

පෙබරවාරි 4 වනදා රාත්‍රී කාලයේ මෙම සාදය පවත්වන බව ඒ අනුව වාර්තාවී තිබූ අතර සාදයට හෝටලයේ 125 ක් පමණ රැස්වන ශාලාවක් වෙන්කර ඇති බවත් හෝටලය වෙන්කිරීමේ කටයුත්ත වෙනුවෙන් පාවිච්චි කර තිබුනේ ඩුබායිහි සිටින මදුෂ්ගේ සොහොයුරාගේ නමක් බවත් ජාත්‍යන්තර පොලිසියේ ශාඛාව හරහා එරට ආරක්‍ෂක අංශ දැනුවත් කර තිබෙනවා.

ඒ අනුව වැටලීම් කරන්නට නම් සාදය සඳහා සියලු පිරිස් පැමිණෙනතුරු සිටීම වැදගත් වියහැකි බව ලංකාවේ කණ්ඩායමේ මතයවී තිබේ. එයට හේතුව පැමිණෙන සියල්ලන් වැදගත්වන නිසායි.

එම තොරතුරු අනුව එරට රහස් පොලිසිය මෙම සාදය පිළිබඳ අවදියෙන් සිට පෙරේදා (4දා) රාත්‍රියේ සාදය පැවතෙමින් තිබෙන අතර 5 වනදා පාන්දරට වන්නට මෙම වැටලීම සිදුකර ඇත.

හෝටලයේ පිටත දැඩි ආරක්ෂාවක් සලසා ශාලාව වෙත වැටලීම් කන්ඩායම ඇතුළුව ඇත්තේ ශාලාවේ දොරවල් අගුළු ලාගෙනය. දැඩි ලෙස ක්‍රියාකාරකම් සිදුකරන පිරිසක් බැවින් ඔවුන් එසේ අල්ලගතයුතු බව ලංකාවේ කණ්ඩායමේ උපදෙස වී තිබේ. එසේ ඇතුළුවූ ඩුබායි පොලිස් නිලධාරීන්ට නිරායුදව සිටි 25 ක් හසුකරගන්නට හැකිවී තිබෙනවා.

සැකකරුවන් 25 දෙනා කාමරයක් වෙත ගෙනගොස් බිම වාඩිවෙන්න යයි දන්වා එකිනෙකාගේ තොරතුරු වෙන වෙනම පරීක්ෂාකර තිබේ. අත්අඩංගුවට ගන්නා අවස්ථාව වන විට මාකඳුරේ මධුෂ්ගේ සහ කංචිපාන ඉම්රාන් සතුව තිබී ඇත්තේ ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර සහ ව්‍යාජ වීසා බලපත්‍ර බවද අනාවරණය වී තිබෙනවා.

මෙම වැටලීම කරන අවස්ථාව වන විට එහි තිබී ග්‍රෑම් 20කට අධික ප්‍රමාණයක් සහ තහනම් ද්‍රව්‍ය තොගයක් සොයා ගෙන ඇති බවද වාර්තා විය. සිය සගයන්ට විනෝදවීම සඳහා තහනම් ද්‍රව්‍ය තොග රැගෙන ආ බව මදුෂ් පවසා තිබෙනවා.

තහනම් ද්‍රව්‍ය සමග විනෝදවීම එරට නීතිය අනුව දන්ඩනය පවා ලද හැකි වරදකි. ඒ අනුව ලංකාවේ වරෙන්තුකරුවන් වීමට අමතරව එරට නීතිය අනුවද වරදවලට යටත්වූ පිරිසක් බවට ඔවුන් පත්වූ අතර සියල්ලන් අත්අඩංගුවට පත්වුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!