Gossip

මධූෂ් එක්ක අත්අඩංගුවට ගත් අය අතර රාජ්‍ය තාන්ත්‍රික බලපත්‍රයක් ඇති කෙනෙක්? මධූෂ්ව ලංකාවට ගේන්න දෙරට අතර සාකච්ඡා ඇරඹෙයි?

මධූෂ් සමග ඩුබායි හි හෝටලයකදී අත්අඩංගුවට පත් පිරිස අතර රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රයක් හිමි තැනැත්තෙකුද සිටින බව වාර්තා වනවා.

ආරංචි මාර්ග උපුටා දක්වමින් කාලීජ් ටයිම්ස් පුවත්පත එය වාර්තා කර තිබෙනවා.

එමෙන්ම මධුෂ් සන්තකයේ තිබී හෂීස් සොයා ගැනීම හේතුවෙන් ඔහු ලංකාවට ගෙන ඒම ප්‍රශ්නයක්ව ඇතැයි පොලිස් ආරංචි මාර්ගවලින් වාර්තා වනවා.

මධුෂ් ඇතුළු 25 දෙනා අත්අඩංගුවට ගත් අවස්ථාවේදී ඔවුන් ළඟ තිබී හෂීස් ග්‍රෑම් 20ක් හසුවී ඇති බවටත් එරට නීතිය අනුව අලෙවි කිරීමට තරම් ප්‍රමාණවත් මත්ද්‍රව්‍ය තබා ගැනීම මරණ දඬුවම ලබාදීමට හැකි වරදක් බවද පැවසෙනවා.

මධුෂ් ඇතුලු සැකකරුවන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා එක්සත් අරාබි එමීර් බලධාරීන් සහ ශ්‍රී ලංකා බළධාරීන් අතර සාකච්ඡා ආරම්භ වී ඇති බවද එහි දැක්වෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!