Gossip

වෙනවා කියලා කිව්ව කැබිනට් වෙනස ඇයි මෙච්චර පරක්කු?

පසුගියදා පැවති පළාත් පාලන මැතිවරණයත් සමග මෙරට දේශපාලනයේ බොහෝ වෙනස්කම් සිදුවිය හැකි බවට ගොඩක් දෙනා ඉඟිපළ කළා.

හැබැයි එලෙස කියූ කිසිවක් සිදුවුණේ නම් නෑ.

මේ අතර අමාත්‍ය මණ්ඩලයේද වෙනසක් සිදුවන බව ඊයේ පෙරේදා දින දෙකේම ගොඩක් අය කියලා තිබ්බා.

එහෙත් දින ගණනාවක් තිස්සේ මේ ගැන කතාබහට ලක්වුණත් මේ වනතුරුත් එයත් යථාර්ථයක් බවට පත්වෙලා නෑ.

ප්‍රධාන පක්ෂ දෙකේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලට අනුව දැනට සකස් කර ඇති අමාත්‍යවරුන්ගේ නාමලේඛණ පිළිබඳව එකඟතාවයකට පත්වෙන්න නොහැකි කරුණු සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා සිදුවෙන නිසා මෙය කරන්න පරක්කු වෙනවා කියලා තමයි දේශපාලන ආරංචි මාර්ග කියන්නේ.

මේ අතර, ඉදිරියේදී සිදුවන කැබිනට් සංශෝධනයකදී ප්‍රධාන අමාත්‍ය ධුරවල වෙනස්කම් සිදුවන බවට මේ වනවිටත් ඉඟි පළ වී ඇති බවයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ.

ඊයේ (22)පැවති උත්සවයකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය පියසේන ගමගේ සඳහන් කර ඇත්තේ අමාත්‍ය මණ්ඩල සංශෝධනය මේ වනවිට දිගින් දිගටම කල් යන තත්ත්වයක් මතුවෙලා කියලායි

කෙසේවෙතත්, පැහැදිලි වෙනස්කම් සහිතව එය සිදුවනු ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා කියලා තියෙනවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!