Gossip

බසයේ පිපුරුණු බෝම්බයේ වගකීම ඊලාම් සංවිධානයකින් භාර ගත්තාද? රටම ආන්දෝලනයට පත් කරන ලිපිය මෙන්න

දියතලාව ප්‍රදේශයේ බස් රථයක පිපීරීමක් හට ගැනීමත් සමගම මේ පිපිරීම ගැන විවිධ කතා මතුවෙන්න පටන් ගත්තා.

කොහොවුනත් මෙය ත්‍රස්ත ක්‍රියාවක් යැයිද සමහර දෙනා ප්‍රකාශ කර තිබුණා.

මේත් සමගම පිපිරීම පිළිබඳව වගකීම භාරගත්තා යැයි කියන සංවිධානයක් විසින් පළ කරන ලදැයි කියන ලිපියක්ද සමාජජාලා මාධ්‍ය වල ඉතා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙන්න පටන් ගත්තා.

එම ලිපියේ සඳහන් වුණේ Fighters Of Tamil Eelam නම් සංවිධානයක් විසින් එම පිපිරීමට අදාල වගකීම භාර ගන්නා බවයි.

කෙසේවෙතත් එවැනි සංවිධානයක් නොපවතින අතර මෙම ලිපියද ජනතාව නොමග යැවීමට සිතාමතාම පළ කල අසත්‍ය ලිපියක් බවද වාර්තා වෙනවා.

බොහො දෙනෙක් සමාජජාලා මාධ්‍යයන්වල මෙම ලිපිය හුවමාරු කර ගනිමින් තිබූ අතර ගායන ශිල්පි මධුමාදව අරවින්ද ද එය උපුටා දක්වා තිබුණා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!