Gossip

කවුරුත් බලාගෙන හිටපු කැබිනට් සංශෝධනයේ පුටු මාරුව වෙන හැටි මෙන්න – Exclusive

කැබිනට් සංශෝධනයට අදාළ එක්සත් ජාතික පක්ෂයේ ලැයිස්තුව 22 වනදා සවස ජනාධිපතිවරයා වෙත යොමුකර ඇති බව එජාප ආරංචි මාර්ග සඳහන් කරනවා.

වාර්තා වන අන්දමට කැබිනට් සංශෝධනයට අදාළ අවසන් ලියවිල්ල සැකසීම එක්සත් ජාතික පක්ෂයටද අභියෝගයක් වී ඇති බව සඳහන්.

ඒ මෙතෙක් අමාත්‍යංශ දරමින් විවිධ දුෂණ අක්‍රමිකතා සහ අක්‍රීය ලෙස අමාත්‍යංශ හසුරවන ලද අමාත්‍යවරුන් වෙත එම අමාත්‍යධුර නැවත ලබානොදීමට කටයුතු කිරීමට සිදුව තිබු නිසාය.

මෙම තීරණයට ජනාධිපතිවරයා මෙන්ම අග්‍රාමාත්‍යවරයා පොදු එකඟතාවක් පලවී තිබෙනවා.

ලක්ෂ්මන් – කබීර් සුහද මාරුවක
ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ අදාළ අමාත්‍ය මණ්ඩල විෂය මාරුව හමුවේ ඇතැම් එජාප අමාත්‍යවරුන් අතර ඇමති විෂය සුහද මාරුද සිදුවූ බවය.

එහිදී උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ ලක්ෂ්මන් කිරිඇල්ලගේ එම විෂය කබීර් හෂීම් අමාත්‍යවරයා වෙත ලබාදී ඇති බව සඳහන්.

එමෙන්ම මෙතෙක් කබීර් හෂීම් අමාත්‍යවරයා දැරූ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය විෂය ලක්ෂ්මන් කිරිඇල්ල වෙතත් හුවමාරු කරගෙන තිබෙන බවද වාර්තා වනවා.

සරත් ෆොන්සේකා අමාත්‍යවරයා වෙත මෙතෙක් ලබාදී තිබූ ප‍්‍රාදේශීය සංවර්ධන අමාත්‍යධුරය වෙනුවට නීතිය හා සාමය අමාත්‍යාංශය ඔහුට පිරිනමන්නට එජාප නායකත්වය තීරණය කර ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

නීතිය හා සාමය විෂය තුළ උස් පහත් භේදයකින් තොරව නීතිය අකුරට ක්‍රියාත්මක කිරීම සඳහා සරත් ෆොන්සේකා අමාත්‍යවරයාට එය භාරදුන් බවයි කියවෙන්නේ.

තවද අමාත්‍යධුර 05ක් විශේෂ අධීක්ෂණ අමාත්‍යවරුන් ලෙස පත්කිරීමට එක්සත් ජාතික පක්ෂය නිර්දේශ කර තිබෙනවා.

ඒ තුළ එජාපය නියෝජනය කරමින් හර්ෂ ද සිල්වා, අජිත් පී. පෙරේරා, සුජීව සේමසිංහ, රවීන්ද්‍ර සමරවීර යන 4 දෙනා යෝජනා වී තිබෙන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් ඉතිරි එක් අමාත්‍යධුරය වෙන්කර ඇති බවත් වාර්තා වනවා.

එසේම මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර, මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ඇතුළු අමාත්‍යවරුන් කිහිපදෙනෙකුගේ අමාත්‍යධුරවල කිසිඳු වෙනසක් නොකළ යුතු බවටද එජාප නායකත්වය තීන්දු කර ඇති බව සඳහන්.

විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයාට එම විෂයට අමතරව විදේශ රැකියා අමාත්‍යධුරය ලබාදීමටද කටයුතු කර ඇති බව වාර්තා වෙයි.

දේශපාලන ආරංචිමාර්ග සඳහන් කර සිටින්නේ කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස මෙතෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායකගේ එම අමාත්‍යංශ විෂය යෝජිත කැබිනට් සංශෝධනයේදී වෙනස් වීමට නියමිත බවය.

කෘෂිකර්ම අමාත්‍යංශය අනුර ප්‍රියදර්ශන යාපා අමාත්‍යවරයා වෙත පවරා ප්‍රියදර්ශන යාපා දරන ආපදා කළමනාකරණ අමාත්‍යංශය දුමින්ද දිසානායක වෙත ලබාදීමට යෝජනා වී ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!