Gossip

වීදුරු කැබලි ගිලලා සංදර්ශන පෙන්නූ මොහොමඩ් සාදික්ගේ උදරයේ වීදුරු ගබඩාවක්

දඹුල්ල නගරයේ සංදර්ශනාත්මකව හා භයානක අයුරින් විදුරු කටු කැබලි ගිල දමමින් මුදල් එක්රැස් කරමින් සිටි පුද්ගලයකු 12 වැනිදා දඹුල්ල පොලිසියේ නිලධාරීන් විසින් අල්ලා ගෙනවිත් රෝහල ගත කිරීමෙන් පසු සිදුකරන ලද සැත්කමකින් පසු උදරයේ තිබී ගිලින ලද විදුරු කැබලි විශාල ප‍්‍රමාණයක් ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා.

මොහමඩ් සාදික් නම්වූ 31 හැවිරිදි පුදගලයෙකුයි මෙලෙස සැත්කමට භාජනය කර ඇත්තේ.

මේ පුද්ගලයා කාලයක් දිවයිනේ විවිධ ප‍්‍රදේශවල සංචාරය කරමින් විදුරු කැබලි ගිල දැමීම පුරුද්දක් වශයෙන් කර ඇති බවත් මීට පෙර අවස්ථා හයකදී මොහුගේ උදරයේ ප‍්‍රදේශයේ සැත්කම්වලට ලක්කර විදුරු කැබලි ඉවත් කර ඇති බව නිරීක්ෂණය කළ බවත් පැවසූ විශේෂඥ වෛද්‍යවරයා තුවාලකරුගේ සෞඛ්‍ය තත්වය යහපත්වූ පසු මානසික රෝග විශේෂඥ වෛද්‍යවරයාට යොමුකරන ලෙසට සඳහන් කර තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!