Gossip

එක් පිරිමියෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු එක්වී දරුවෙකු බිහිකරන අලුත්ම විද්‍යාත්මක ක්‍රමය ලොවම මවිත කරයි

වෙනස් වන ලෝකයේ නොවෙනස්වෙන එකම දේ වෙනස්වීම පමණයි.
එම නිසා මේ ලෝකයේ යම් දෙයක් සදාකල් වෙනස් නොවී එකම විදියට පවතීවි කියා සිතෙනවා නම් එය තනිකරම මිත්‍යා ඇදහිල්ලකි.
අද ලිපියට මේ විදිහට අවතීර්ණ වුණේ එක් විශේෂ හේතුවක් නිසා. ඔබ මෙතෙක් වෙනස් නොවී පවතීවි යයි සිතු දෙයක් මේ වන විට සහමුලින්ම වෙනස් වී තිබෙනවා.
මෙතුවක් කාලයක් ඉපදුනු දරුවෙකුට සිටියේ මව සහ පියා යන දෙමව්පියන් දෙදෙනෙකු පමණයි.
නමුත් දැන් එය යල් පැනගිය දෙයක් බවට පත්වී තිබෙනවා. මොකද කිව්වොත් දෙමව්පියන් තුන් දෙනෙකුගේ එකතුවෙන් දරුවෙකු හදන්නට පුළුවන්.නමුත් ඒ තුන්දෙනෙක් එකට සිදුකරන ලිංගික ක්‍රියාවලියකින් නම් නොවේ.
ඒ අධි තාක්ෂණික කෘතීම ක්‍රමවේදයකටයි. එලෙස ඉපදෙන දරුවාට ජීව විද්‍යාත්මක වශයෙන් එක පියෙකු සහ අම්මාවරුන් දෙදෙනෙක් සිටිනවා.
දෙමව්පියන් තුන්දෙනෙකුගෙන් දරුවෙකු බිහිකිරීමේ එම ක්‍රියාවලියෙහි කිසිදු හානිකර බවක් නැහැ.
විද්‍යාඥයින් පවසන විදිහට එය නීති ගත කලොත් මිනිසාට ඉතාමත්ම ප්‍රයෝජනවත් වෙනවා. මෙය තේරුමක් නැති දෙයක් ලෙස ඔබ සැලකුවත් , විද්‍යාඥයන් ඉදිරිපත් කරන හේතුව ඇසුවොත් ඔබ එය පිළිගන්න බවට කිසිම සැකයක් නැහැ.
mitochondria යනු සෛලයක බලශක්ති බලාගාරයයි.එය දරුවෙකුගේ ජාන සැකැස්ම සඳහා ඉතාමත්ම සුළු වශයෙන් සහයෝගය දක්වනවා.
මෙලොව උපත ලබන සෑම දරුවන් 6500න් එක අයෙකු මවගේ හානි වූ මයිටොකොන්ඩ්‍රියා නිසා බලපෑමට ලක් වෙනවා. එලෙස උපදින දරුවන්ට ජානමය රෝග පනහකට වඩා තරම් වැළදීමට ඉඩ තිබෙනවා කිව්වොත් ඔබ අධික කම්පනයට පත්වේවි.
ඒ වගේම බොහෝ දෙනෙක් ළදරු වියේදීම මරණයට පත් වෙනවා. මේ සඳහා බොහෝවිට හේතුවන්නේ හදවත් රෝග, මධ්‍යම ස්නායු පද්ධතිය ආශ්‍රිත රෝගයන් සහ මස් පිඩු ආශිත බරපතළ රෝගී තත්ත්වයන්ය. මයිටකොන්ඩ්‍රියා තත්වයන් නිසා කාන්තාවන්ගේ දරු ගැබ ගබ්සා වෙන අවස්ථා ද තිබෙනවා.
නමුත් pronuclear transfer සහ Maternal spindle transfer ක්‍රම වේදයන් මගින් විද්‍යාඥයන්ට විනාශ වූ මයිටකොන්ඩ්‍රියා වෙනත් සෞඛ්‍ය සම්පන්න මයිටකොන්ඩ්‍රියා එකකින් ප්‍රතිස්ථාපනය කරන්නට පුළුවන්.
එම මයිටකොන්ඩ්‍රියා ලබා ගන්නේ වෙනත් කාන්තාවක් විසින් පරිත්‍යාග කල ඩිම්බයක් තුලින්.ඉතින් ඔන්න ඔය විදිහට තමයි කලලයක් නිපදවීමට තුන්වන පාර්ශවයක් දායක වන්නේ. මෙම ක්‍රමවේදය මගින් ජාන විකෘති වූ දෙමව්පියන්ට සෞඛ්‍ය සම්පන්න දරු උපතක් ලබා ගන්නට පුළුවන්.
මේ වනවිට මෙම ක්‍රමවේදය බ්‍රිතාන්‍ය පමණක් නීතිගත කර තිබෙනවා. තවද 2016 වර්ෂයේදී මෙම ක්‍රමවේදය මගින් දරුවෙකු මෙලොව උපත ලැබුවා කිව්වොත් ඔබ පුදුමයට පත් වේවි.
ඒ සඳහා ඉදිරිපත් වුණේ ජෝර්දානය අඹුසැමි යුවළක්. මීට වසර විස්සකට පමණ පෙර ඔවුන් දරු සම්පතක් බලාපොරොත්තුවෙන් සිටි අතර කිහිප වතාවක්ම එය ගබ්සා වී තිබෙනවා. 2005 වර්ෂයේදීය වර්ෂයේදී මෙම යුවලට දැරියක් උපන්නා.
එවිට තමයි ඔවුන් දැනගත්තේ ඔවුන්ගේ සරුභාවයට බලපෑ හේතුව මවගේ මයිටකොන්ඩ්‍රියා වල විකෘති වීමක් බව. මොකද එම දැරිය උපත ලැබුවේ මොළයේ මාංශ පේශී සහ ස්නායු වල බරපතල රෝගී තත්ත්වයක් මතයි. පසුව ය හය හැවිරිදි වියේදී මරණයට පත්වුණා.
ඔවුන්ගේ දෙවැනි දරුවත් එම රෝගී තත්ත්වයෙන් ම පීඩා විඳ මාස 8 දී මරණයට පත්වුණා. නමුත් Reparant තාක්ෂණය මගින් 2016 වර්ෂයේ අප්‍රේල් 4 වන දින මෙලොව එළිය දුටු දරුවා නම් සියයට සියයක් නිරෝගී දරුවෙක් වුනා . එම දරුවා සතුව කිසිම රෝග ලක්ෂණයක් තිබුණේ නැහැ.
ඉතින් ඔන්න ඔය විදියට දෙමව්පියන් තුන්දෙනෙකුගේ උපකාරයෙන් එක් දරුවෙක් උපද්දවන්නට පුළුවන්. ඉන් අදහස් කරන්නේ එම දරුවාට මව සහ පියා ට අමතරව තවත් අම්මා කෙනෙක් සිටින බවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!