Gossip

“මිනිහා කට කොනකින් බීගෙන ඇවිත් නෙලද්දී පොඩ්ඩක් බොන කතා ඉවරයි. “මේ මිනිහා මිනී මරනෝ, බේරගනියෝ” කියලා බෙරිහන්දෙන්න විතරයි වෙන්නේ”

කාලෙන් කාලෙට විවිධ දේවල් කරළියට එනවා.
සමහරු අපේ සංස්කෘතියටවත් නොගැලපෙන රැල්ලට යන එක එක විකාර දේවල් පස්සේ දුවනවා.
මේ අපි කියන්න යන්නේ මේ දවස්වල අන්තර්ජාලය පුරාම සැරිසරන ඡායාරූප කිහිපයක් ගැනයි.
රස්තියාදුකාර ආදරේ කියලා තරුණියක් සහ තරුණයෙක් ගත්ත මේ ඡායාරූපයේ එක් ඡායාරුපයක පෙම්වතිය තමන්ගේ පෙම්වතාට දුම්වැටියක් දල්වා දෙන අයුරුත් දැක්වෙනවා.
ඇත්තටම මොකක්ද මේ මිනිස්සුන්ට වෙලා තියෙන්නේ.
කොහොම වුණත් සමහරුනම් මේ ආදරෙත් ඡායාරූපත් අගය කරලා තිබුණා.
තවත් සමහරුනම් මදි නොකියන්න බැනලත් තිබුණා.
කොහොම වුණත් අපිට කියන්න තියෙන්නේ දවසින් දවස අපේ හුඟක් දේවල් පිරිහෙලා යනවා කියලයි.

මේ ඡායාරූප ගැන අපූරු සටහනකුත් අපිට හමුවුණා.. එම සටහන පහතින්…

මේ පට්ට සිංහල බෞද්ධ රටේ කෙල්ලොන්ගෙන් ඇහුවොත්…
“තමුන්ගෙ කොල්ලා බොනවට කැමතිද?”
95% ක් කෙල්ලන්ගෙ උත්තරේ…
“පොඩ්ඩක් බීවට කමක්නෑ අනේ”
“කොල්ලෙක් උනාම පොඩ්ඩක් බොන්න ඕනෙ”
අපි කියන්නෙ බොරු කියලා හිතෙනවනම් කෙල්ලො ටිකක් හොයාගෙන අහල බලපන්. නැත්තන් ෆේස්බුක් එකේ පෝස්ට් එකක් දාල බලපන් කෙල්ලො දාන කමෙන්ට්…
කොල්ල සිගරට් එක බොනකොට කෙල්ල ගින්දර පත්තු කරන පොටෝ සූට් විතරක් නෙමේ…
කොල්ලා බොනකොට සැන්ඩි වක්කරන, බයිට් කවන, මත්කුඩු කුඩු බොනකොට කොලේ අල්ලල දෙන, අයිස් ගහනකොට ඉන්ජෙක්සන් කටුව හෝදල දෙන ප්‍රී සූට් එන්නත් පුලුවන්. මුහුණුපොතේ ඒ වගේ දේවල් සාධාරණීකරනය කරලා රස්තියාදු ආදරේ ගැන විචාරත් ලියයි.
අන්තිමට මිනිහා කට කොනකින් බීගෙන ඇවිත් නෙලද්දී පොඩ්ඩක් බොන කතා ඉවරයි. “මේ මිනිහා මිනී මරනෝ, බේරගනියෝ” කියලා බෙරිහන්දෙන්න විතරයි වෙන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!