Gossip

විශාල විනාශයක් නවත්තන්න අපි ෆේස්බුක් තහනම් කළා ” ජනපති මෛත්‍රී ෆේස්බුක් ගැන කතා කරයි

සමාජජාලා ඇතුලු ශ්‍රී ලංකාවේ අන්තර්ජාලයේ පළ කෙරෙන ප්‍රවෘත්ති වලින් 75% කටත් වැඩි කොටසක් සත්‍යයෙන් තොර බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා.

පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීම සඳහා එංගලන්තයට ගොස් සිටින ජනාධිපතිවරයා ඊයේ දින ( 17) එම ප්‍රකාශය කළේ, ලන්ඩන් නුවර වෙසෙන ශ්‍රී ලාංකිකයන් කණ්ඩායමක් හමුවේ අදහස් දක්වමින්.

“අන්තර්ජාල ප්‍රකාශනවල පළ කෙරෙන ප්‍රවෘත්ති අතරින් පැහැදිලි ලෙසම 75%කට වඩා තියෙන්නේ සත්‍යයෙන් තොර දේවල්” යැයි අදහස් දක්වමින් කියා සිටි ජනපතිවරයා පැවසුවේ පසුගියදා මහනුවර සිදු වූ අන්තවාදී ගැටුම් පවා අසත්‍ය ප්‍රචාර මත පදනම්ව සිදු වූ එකක් බවයි.

ඇමරිකා එක්සත් ජනපදයට පවා සමාජ වෙබ් අඩවි බරපතළ ප්‍රශ්නයක් වී ඇතැයි සඳහන් කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, මහනුවර ගැටුමේ දී ශ්‍රී ලංකා රජය සමාජ මාධ්‍ය වසා දැමීමට ගත් තීරණය “විශාල විනාශයක්” වැළැක්වීමට හේතු වූ බවත් පෙන්වා දුන්නා.

“මේවා අපි කරන කොට,සමහර තානාපතිවරුන්ට ලොකු අමාරුවක් හැදුනා. සමහර විදේශීය තානාපතිවරු තමන්ගේ සීමාවෙන් එහා කතා කරන්න ගත්තා.නමුත් අපි සැලෙන්නේ නැතිව ගන්න තිබුණ තීන්දුව ගත්තා” මහනුවර ගැටුම් පවතිද්දී සමාජ මාධ්‍ය ජාලය පාලනය කිරීම ගැන අදහස් දක්වමින් ජනාධිපතිවරයා පවසා තිබුනි.

උපුටා ගැනීම – බි.බී.සි ඇසුරෙන්

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!