Gossip

හිටපු ජනපති ආර්යාව මෙලොවින් සමුගනි

ඇමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයෙකු වූ ජෝර්ජ් එච් ඩබ්ලිව් බුෂ්ගේ බිරිඳ, බාබරා බුෂ් අභාවප්‍රාප්ත වී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

92 හැවිරිදි වියේ පසු වූ බාබරා බුෂ් රෝගාතුරව සිටි අතර ඇය පසුගියදා සිය වෛද්‍ය ප්‍රතිකාර ද ප්‍රතික්ෂේප කර තිබුණු බවයි වාර්තා වන්නේ.

බාබරා බුෂ්ගේ පුත්‍රයෙකු වන ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් ද අමෙරිකාවේ ජනාධිපතිවරයෙකු ලෙස කටයුතු කළ අතර ජීවතුන් අතර සිටියදී සැමියා හා පුත්‍රයා යන දෙදෙනාම ජනාධිපති පදවියක් දැරීමේ අත්දැකීම ලැබීම බාබරා බුෂ් ලැබූ භාග්‍යයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ජෝර්ජ් එච් ඩබ්ලිව් බුෂ්, ලොව වැඩිම කාලයක් ජීවත්ව සිටින ජනාධිපතිවරයා ලෙස හදුන්වන අතර ඔහු 93 හැවිරිදි වියේ පසුවනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!