Gossip

ටෙලි නිළියගේ මරණය අභිරහසක්ද? පොලිස් පරීක්ෂණ දිගටම

කැලණි ගඟේ දිය නෑමට ගිය අවුරුදු 27ක එක් දරු මවක් වන තුෂානි ද සිල්වා නමැති ටෙලි නාට්‍ය සහය නිළිය කැලණි ගඟේ ගිලී ජීවිතක්ෂයට පත්වුණා.

පවු‍ලේ සාමාජිකයන් සමඟ කිතුල්ගල ප්‍රදේශයේ සංචාරයකට පැමිණි මෙම කාන්තාව ගිනිගත්හේන කළුගල යටිබේරිය ප්‍රදේශයේදී ගඟේ ඊයේ (17) පස්වරු 1.30 පමණ දිය නාමින් සිටියදී සැඩ පහරකට හසු වී ගඟේ ගසාගෙන ගොස් ඇති බවයි ගිනිගත්හේන ‍පොලීසිය කියා සිටියේ.

පවු‍ලේ සාමාජිකයන් හා ප්‍රදේශවාසීන් එක්ව සැඩ පහරට හසු වී ගසාගෙන ගිය අදාළ ටෙලි නිළිය සොයා සිදු කළ මෙහෙයුමකින් පසුව ඇයගේ සිරුර දිය නෑ ස්ථානයට මදක් දුරින් කැලණි ගඟේම තිබි සොයා ගෙන ඇති අතර එම සිරුර කිතුල්ගල තැලිගම රෝහල වෙත යොමු කර තිබුණා.

දිය නෑ ස්ථානය දිය නෑම අවදානම් බව සඳහන් කරමින් දැන්වීම් පුවරු පවා සවි කර ඇති බව ගිනිගත්හේන ‍පොලීසියේ ස්ථානාධිපති ‍පොලිස් පරීක්ෂක සරත් සමරවික්‍රම මහතා කියා සිටියා.

දිය නෑමට කැලණි ගඟට බැස ඇති මෙම කාන්තාව කැලණි ගඟේ මැදට ගිය බවත්, ගඟ මැදට නොයන ලෙස පවු‍ලේ සාමාජිකයන් ඇයට කෑ ගසා කී බවත් ඇගේ ඥාතියකු පවසා සිටියා.

මෙම විනෝද චාරිකාව සඳහා මියගිය කාන්තාවගේ මව සහ පියාද එක්වී ඇති අතර එම විනෝද චාරිකාව සම්බන්ධයෙන් මව සහ පියා අතර මතභේදයක්ද හටගෙන තිබූ බවද ගිනිගත්හේන ‍පොලීසිය පවසා තිබෙනවා.

මෙම අනතුර පිළිබඳව ගිනිගත්හේන ‍පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!