Gossip

විශාල නත්තල් කේක් ගෙඩිය – බර කිලෝ 175ක්

එළඹෙන නත්තල් සමය වෙනුවෙන් නුවරඑලිය ග්‍රැන්ඩ් හෝටලයේ සේවකයින් විසින් කිලෝ 175ක කෙක් ගෙඩියක් නිර්මාණය කර තිබේ.

වාර්ෂිකව පිළියෙල කරනු ලබන විශේෂ නත්තල් කෙක් ගෙඩියේ මිශ්‍රණය සැකසීමේ කටයුතු එම හෝටලයේ සාමාන්‍යාධිකාරි රෙෆ්හාන් රෂින් මහතාගේ ප්‍රධානත්වයෙන් සහ එම හෝටලයේ පාලන අධිකාරියේ නිලධාරින් සහ එම නිලධාරින්ගේ පවුලේ සමාජිකයන්ගේ සහභාගිත්වයෙන් අද (07) එම හෝටල් පරිශ්‍රයේදි සිදු කෙරිණි.

හෝටලයේ අනුරුව සහිතව පිළියෙල කරන ලද නත්තල් කෙක් ගෙඩිය සඳහා පළතුරු වර්ග 12ක් , කෙක් සදහා යොදා ගන්නා මධ්‍යසාර වර්ග 7ක් ,දේශිය කුළුබඩු වර්ග කිහිපයක් ඇතුළු කෙක් නිෂ්පාදනය සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍ය කිලෝ 120ක් යොදාගනිමින් මෙම නත්තල් කෙක් මිශ්‍රණය පිළියෙල කර තිබේ.

ග්‍රැන්ඩ් හෝටලයේ ප්‍රධාන සුපවේදි විරාජ් ජයරත්න මහතා ඇතුළු සුපවේදින් 07 දෙනෙකු මෙම නත්තල් කෙක් ගෙඩියේ මිශ්‍රණය සකස් කිරිම සදහා සහභාගි විය.

මිශ්‍ර කරන ලද නත්තල් කෙක් ගෙඩිය දින කිහිපයක් පදම් විමට හැර නත්තලට ප්‍රථම කෙක් ගෙඩිය සම්පුර්ණයෙන්ම පිළියෙල කිරීම අවසන් කර නත්තලට සහ උත්සව සමයේ ග්‍රැන්ඩ් හෝටලයට පැමිණෙන සියලුම දෙස් විදෙස් සංචාරකයන්ට පිලිගැන්විමට සැලසුම කර ඇති බව එම හෝටලයේ ප්‍රධාන සුපවේදි විරාජ් ජයරත්න මහතා කියා සිටියේය.

  

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!