Gossip

ඔෂීන්ට පෙම්බැදි විශ්මාට ජපානයේදී සිදුවූ ඛේදවාචකය

සිය ළමා කාලයේදී විශ්මා රත්නායක රූපවාහිනියෙන් විකාශනය කළ “ඔෂීන්” නාට්‍ය මාලාව ඉතා ආශාවෙන් නැරඹුවා.

කුඩා විශ්මාගේ වීරවරිය වූයේ ඔෂීන්.

ඇයගේ අභිප්‍රාය වූයේ කවදා හෝ ජපානයට ගොස් එහි ඉංග්‍රීසි උගන්වමින් ජීවත්වීම.

තම වීරවරිය අභිබවා යන ලෙස පියා දුන් අභියෝගය භාරගත් විශ්මා රත්නායක ජපන් භාෂාව ඉගෙන ගැනීම ඇරඹුවා.

අනපේක්ෂිත ලෙස සිය පියා ජීවිතක්ෂයට පත්වීමෙන් අනතුරුව ඒ වනවිට විශ්වවිද්‍යාල උපාධිධාරිනියක් වූ විශ්මා ජපානයට යෑමට සිය මව ව එකඟ කර ගැනීමට සමත් වූණා.

ඉංග්‍රීසි ගුරුවරියක් ලෙස ජපානයේ සේවය කර තම පවුලේ බරපැන දැරීම ඇයගේ අරමුණ වුණා.

ඒ අනුව, කෙසේ හෝ මුදල් සොයාගත් මව, විශ්මා ට සිය බලාපොරොත්තුව ඉටුකර ගැනීමට උදව් වූණා. ඒ අනුව විශ්මා 2017 වසරේදී ජපානයේ නරීටා ප්‍රදේශයට පැමිණියේ ශිෂ්‍ය වීසාවකින්.

නමුත් ඇයට සිය අරමුණු ඉටුකර ගැනීමට නොහැකි වුණා.

වීසා බලපත්‍රයේ කාලය ඉකුත්වීම හේතුවෙන් ජපාන බලධාරීන් විසින් ඇයව සංක්‍රමණිකයින් රඳවා තැබෙන මධ්‍යස්ථානයකට යවා තිබුණා.

එහිදී ඉතා දරුණු ලෙස දුක්වින්ඳ ඇය, පසුගිය මාර්තු 6 වනදා මියගියේ ඇයගේ පවුලේ කිසිවෙක් බලාපොරොත්තු නොවූ ආකාරයට.

එවිට ඇයගේ වයස අවුරුදු 33ක්.

විශ්මා ගේ මරණය ජපාන මාධ්‍ය විසින් වර්තාකළේ එරට සංක්‍රමණික නීති පිළිබඳව නැවත සිතා බැලීමට බලධාරීන් ට බල කරමින්.

1997 සිට මේ දක්වා ජපාන රඳවා ගැනීමේ මධ්‍යස්ථානවලදී විදේශිකයින් 27 දෙනෙක් මරණයට පත්ව ඇති බව සඳහන් වුණා.

ජපානයේ ක්‍රියාත්මක වන ක්‍රමවේදයේ කිසිදු විනිවිද භාවයක් නොමැති බව මේ වනවිට හෙළිවී තිබෙනවා.

මේ වනවිට විශ්මා ගේ සහෝදරියන් දෙදෙනා සටනට පිවිස සිටින්නේ තම සොහොයුරියට සිදුවූ අසාධාරණය තවත් අයෙකුට සිදුනොවිය යුතු බව පෙන්වා දෙමින්.

පවුලේ අය සිතා ඇත්තේ විශ්මාට කරදරයක් නොමැති බවට.

ඇය ගැන ඔවුන්ගේ සිතුවිලි නිවැරදි නොවන බව සහෝදරියන් ට වැටහී ගොස් තිබුණේ විශ්මා ජීවිතක්ෂයට පත්වූ බව 2021 මාර්තු මාසයේදී ටෝකියෝ නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් දැනුම් දුන් විටය.

ඒ වනවිට මාස 6ක පමණ කාලයක් විශ්මා, ජපාන බලධාරීන් විසින් රැඳවුම් මධ්‍යස්ථානයක රඳවා තිබුණා.

එහිදී රැඳවියන් කෙරෙහි වැඩි අවධානයක් යොමු නොකරන බවට ශ්‍රී ලංකික තරුණියගේ මරණයකදීම සාක්ෂියක් බව සිවිල් ක්‍රියාකාරීන් පවසනවා.

විශ්මා මියගිය බවට දැන්වීමෙන් අනතුරුව ඇයගේ පවුලේ අය එහි බලධාරීන්ට පවසා ඇත්තේ සත්‍ය පිළිගැනීමට ඡායාරූප ඉදිරිපත්කරන ලෙසත් වාර්තාවක් සපයන ලෙසය.

නමුත් ඔවුන්ට බලධාරීන්ගෙන් පැහැදිලි පිළිතුරක් ලැබී නැහැ.

එබැවින් විශ්මා ගේ සහෝදරියන් දෙදෙනා 2021 මැයි මාසයේදී ජපානයට ගොස් ඇත්තේ සත්‍ය සොයාගැනීමේ අරමුණෙන්.

ඔවුන්ගේ දැඩි බලපෑම සහ එරට සිවිල් සමාජයෙන් එල්ලවූ බලපෑම් හේතුවෙන් විශ්මාගේ මරණය සම්බන්ධයෙන් කරුණු සොයාබැලීමට ජපාන බලධාරීන් කටයුතු කර තිබුණා.

එහිදී විශ්මාගේ අවසාන කාලයේ ඇයව රඳවා සිටි කාමරයට සවිකර තිබූ CCTV දර්ශන සහෝදරියන් දෙදෙනා විසින් නරඹා තිබුණා. එය දැකීමෙන් ඔවුන් දැඩි කලකිරීමට පත්ව තිබෙනවා.

පසුව එළිදැක්වූ “සංක්‍රමණික සේවා ඒජන්සියේ” වාර්තාවකින් දැක්වුණේ මරණයට පෙර මාස ගණනාවක් එම තරුණිය තමාගේ අසනීප තත්ත්වයන් ගැන බලධාරීන් දැනුවත් කර තිබුණා.

නමුත් ඇයගේ තත්ත්වය ගැන වැඩි අවධානයක් යොමු නොකළ බව එයින් තහවුරු වී තිබෙනවා.

එසේම ඇය මියගිය දිනයේද හදිසි ප්‍රතිකාර සේවා සැපයීමට එම මධ්‍යස්ථානයේ සේවකයින් වැඩි අවධානයක් යොමුකර නැහැ.

එරට බලධාරීන්ගෙන් සාධාරණයක් ලබාගැනීමට විශ්මා ගේ සහෝදරියන් දෙදෙනා දැඩි අරගලයක් කරයි.

නමුත් එය එතරම් පහසු නැහැ.

තම වැඩිමහල් සහෝදරිය රඳවා සිටින විට දුක්විඳි ආකාරය විඩියෝවෙන් දුටු බාල සහෝදරිය මේ වනවිට නැවත ලංකාවට පැමිණ සිටින්නේ එමගින් ඇතිවූ චිත්ත පීඩාව නිසා.

නමුත් අනෙක් සහෝදරිය ජපානයේ රැඳී සිටිමින් “යුක්තිය” සඳහා සටන ගෙනයමින් සිටිනවා.

“අපිට අවශ්‍ය විශ්මාගේ මරණයට වගකිවයුත්තන් හඳුනා ගැනීම. ඔවුන් නිසා තවත් කෙනෙක්ට එවැනි මරණයක් හිමිවිය හැකියි. හෙට එවැනි මරණයක් උරුම වියහැක්කේ තවත් කාගේ හෝ සහෝදරයෙක්ට, සහෝදරියක්ට, මිතුරෙක්ට, අම්මා කෙනෙක්ට හෝ පියෙක්ට වෙන්න පුළුවන්.”

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!