Gossip

ලඳු කැලෑවක මිනිස් ඇටසැකිල්ලක්

මළ සිරුරක කොටස් කිහිපයක් කුරුණෑගල පහළ ගැට්ටුවාන ප්‍රදේශයේ ලඳු කැලෑවක තිබී හමුවී තිබෙනවා.

අද (07) උදෑසන එම මළ සිරුරු කොටස් කිහිපය හමුව ඇති බව අප වාර්තාකරු පැවසුවා.

අදාළ මළ සිරුරු කොටස් ලඳු කැලෑව අසල නිවසක සිටි පුද්ගලයෙකු විසින් දැක තිබෙනවා.

පසුව අදාළ පුද්ගලයා විසින් කුරුණෑගල පොලිස් ස්ථානය වෙත දැනුම් දී තිබෙනවා.

මිය ගොස් ඇති පුද්ගලයාගේ අනන්‍යතාවය තවමත් තහවුරු කරගෙන නැහැ.

සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!