Gossip

විශ්වාසභංගය පැය 12 ක් – නිදහස් පක්ෂයේ කට්ටියක් පිල් මාරුවක්?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට අදාළ පාර්ලිමේන්තු විවාදය අද(04) පැවැත්වීමට නියමිතව තිබේ.

ඒ අනුව පෙරවරු 9.30ට කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස් වුණා.

මේ අතර විශ්වාසභංග සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ඊයේ(03) රාත්‍රියේදී ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී සාකච්ඡා කර තිබෙනවා.

දේශපාලන ආරංචි මාර්ග අනුව ශ්‍රීලනිපයේ මන්ත්‍රීවරුන් 9 දෙනෙකු අග්‍රමාත්‍යවරයාට සහය පළ කිරීමට ඉඩ කඩ ඇති බව සඳහන්.

ඒ අනුව මහින්ද සමරසිංහ, පියසේන ගමගේ, දුමින්ද දිසානායක , මනූෂ නානායක්කාර, රංජිත් සියඹලාපිටිය, ෆයිසර් මුස්තාෆා, සරත් අමුණුගම එම කණ්ඩායමේ සිටින බවද දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

මේ අතර නිදහස් පක්ෂයේ තවත් පිරිසක් පිල් මාරුවකට සූදානම් වන බවටද වාර්තා වනවා.

රාත්‍රි 9.30 දක්වා මෙම පාර්ලිමේන්තු විවාදය පැවැත්වෙන අතර අනතුරුව අදාළ විශ්වාසභංගය සම්බන්ධයෙන් වන ඡන්ද විමසීම සිදු කිරීමට නියමිතයි.

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමක් විසින් අදාළ විශ්වාසභංග යෝජනාව පසුගිය 21 වනදා කථානායක කරූ ජයසූරිය මහතා වෙත භාරදුන්නා.

එම විශ්වාසභංගය සඳහා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු 55 දෙනෙක්ද, ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු සිව් දෙනෙක්ද අත්සන් තබා තිබුණා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!