Gossip

යූටියුබ් මූලස්ථානයේ කාන්තාවක් වෙඩි තබාගෙන සියදිවි අහිමි කර ගනියි

ඇමරිකාවේ කැලිෆෝනියාහි සැන් බෘනොහි පිහිටි සුප්‍රසිද්ධ ගූගල් සමාගමට අයත් යූ ටියුබ් මූලස්ථානයේ තමන්ටම එල්ල කරගත් වෙඩි තැබීමකින් කාන්තාවක මියගොස් තිදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ ඇමරිකාවේ වේලාවෙන් දහවල් 12.40 ට පමණ එම කාර්යාලයේ දිවා විවේකය පැවති අවස්ථාවේදීයි.

කාර්යාලය තුළ පිහිටා තිබෙන බාහිර අයටද ඇතුළුවිය හැකි ආපන ශාලාවේදී මෙම වෙඩි තැබීම සිදු කර ඇත්තේ.

ඇයත් යූටියුබ්හි සේවය කරන ඇගේ පෙම්වතාත් අතර පැවති ආරවුලක් මත මෙම මරාගෙන මැරෙන වෙඩි තැබීම සිදු කරන්නට ඇති බවට පොලිසිය සැකකරන අතර මෙම වෙඩි තැබීම නිසා පෙම්වතාට දරුණු ලෙස තුවාල සිදුව තිබෙනවා.

ඇය එතැනම මියගොස් ඇති අතර වෙඩි තැබීමෙන් බේරන්නට ගිය තවත් 2 නෙකුටද සුළු තුවාල සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

සිද්ධිය පුද්ගලික ආරවුලක් පමණක් බවත් ත්‍රස්ත ක්‍රියාවලියකට සම්බන්ධ නැති බවත් පොලිසිය පවසා ඇති බව සඳහන්.

මෙම සිද්ධිය ගැන විධිමත් පරීක්ෂණයක් කරන බව ජනපති ට්‍රම්ප් ට්විටර් පණිවිඩයකින්ද පවසා තිබෙනවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!